“අධිකරණ තොරතුරු වාර්තා කිරිමේදී සත්‍ය තොරතුරු වාර්තා කරන්න”
“නිධානයක් ගොඩ ගැනීමට කිසිඳු අධිකරණ නියෝගයක් ලබා දී නැහැ”: මහේස්ත්‍රාත්

භාග්‍යා සිල්වා
වේයන්ගොඩ අධිවේගි මාර්ග ව්‍යාපෘතියට අදාළ සේවා මාර්ගය අසල පසුගියදා සිදුකළ කැණීම් සම්බන්ධයෙන් නිධානයක් ගොඩ ගැනීමට හෝ නිධානයක් ලැබෙනතුරු කැණීම් කරන ලෙසට කිසිඳු නියෝගයක් අධිකරණය විසින් ලබා දී නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා අවධාරණය කළේය.
ඇතැම් මාධ්‍ය මගින් නොවැම්බර් 12 වන දින අධිකරණය විසින් ලබා දුන් නියෝගය නිධානයක් ගොඩ ගැනිම සම්බන්ධයෙන් ලබා දුන් බවට වාර්තා කිරිම සම්බන්ධයෙන් මෙසේ මහෙස්ත්‍රාත් වරයා නොවැම්බර් මස 26 වන දින ලබා දුන් තම වැඩිදුර නියෝගයක් මඟින් කරුණු පැහැදිලි කරන ඇත.
අධිකරණය විසින් නිධානයක් සෙව්වා ද ?
වර්ෂ ගණනාවක පටන් මෙම ප්‍රදේශය නිදන් සොරුන්ගෙ තර්ජනයට ලක්වු ප්‍රදේශයක් බැවින් මාධ්‍යම අධීවේගි මාර්ගය ඉදි කිරිම සදහා රජය විසින් පසුකාලීනව මෙම භූමීය රජයට පවරාගෙන ඇත.
මෙම වර්ෂයේ එම අධිවේගි මාර්ගය සදහා සැපයුම් මාර්ගයක් වශයෙන් ඉදිකොට ඇති මාර්ගය තුළ මාස තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අවස්ථා දෙකකදි,
1.) ස්කැවේටර් යන්ත්‍රයක් මාර්ගයෙන් අඩි 12 ක් පමණ ගැඹුරු අඩි 15 ක් පමණ විෂ්කම්භයෙන් යුත් විශාල වලක් භූගර්භය තුළ හැරිම.
2.) JCB යන්ත්‍රයක් මාර්ගයෙන් අඩි 12 ක ගැඹුරක් සහිත විශාල වළක් භූගර්භය තෙක් හැරිම.
යන අනවසර කැණීම් සිදුකිරීම හේතුවෙන් 1982 අංක 12 දරණ පොදු දේපළ පනතෙහි 02 වන වගන්තිය ප්‍රකාරව රජයට රුපියල් ලක්ෂ 26ක අනර්ථයක් සිදු කිරීම මත හිමිනමක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
මෙලෙස සිදු වූ සහ ඉදිරියේදි සිදුවිමට නියමිත අනර්ථයන් නැවැත්විම සඳහා වේයන්ගොඩ පොලිසිය මෙන්ම අනෙකුත් සම්බන්ධිත ආයතන විසින් ද අධිකරණයෙදි කරුණු ඉදිරිපත් කරමින් වර්තා කොට ඇත්තේ, දිගින් දිගටම පුරාවස්තු සෙවීමේ අරමුණින් මාර්ග ව්‍යාපෘතියට බලපෑම් වන පරිදි හා පොදු දේපළ වලට අනර්ථයක් සිදුවන පරිදි සහ අධිවේගි මාර්ගය ඉදිවීමෙන් පසුවද නිධන් ලබා ගැනිමේ අරමුණින් යුතුව අධිවේගී මාර්ගය අසල අනවසර කැණිම් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් වන හානිය මැනිය නොහැකි බවයි.
එමෙන් ම අධිකරණයේ ඉදිරිපත් වී ඇති කරුණු මත අදාළ පරිශ්‍රය විද්‍යාත්මක ක්‍රමයක් මත පරික්ෂා කරලීමට අදාළව පියවර ගැනීම මෙම ගැටලුව මැඩ පවත්වා ගැනිමට ඇති සුදුසුම ක්‍රමවේදය වන බවට තහවුරු වී ඇත.
මෙහිදී, පුරාවස්තු ආඥා පනතේ වගන්ති අංක 2(3) ප්‍රකාරව පුරාවස්තු දේපළ රටේ සියලු ජනතාවට අයිති දේපළක් වන බැවින් ද, පුරාවස්තු සමීක්ෂණය සම්බන්ධයෙන් අනන්‍ය බලය ඇත්තේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා වෙත පමණක් වන බැවින්ද, විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකුලව භූමිය පරික්ෂා කිරීම සදහා අධි සංවේදී උපකරණයන් පුරාවිද්‍යා කොමසාරිස් කාර්යාංශය සතුව නොමැති වීමත් ඒවා විශේෂ කාර්‍යබලකාය සතුව පැවතීමත් නිසා එලෙස අදාළ පරිශ්‍රය භෞතිකව පරික්ෂණ කටයුතු පවත්වා පරික්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙසට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා වෙත සහ විශේෂ කාර්‍යබලකාය වෙත ඔක්තොම්බර් මස 08 වන දින අධිකරණය විසින් නියෝග නිකුත් කොට ඇත.
එම නියෝගය ප්‍රකාරව විශේෂ කර්‍ය්බලකාය විසින් භූමිය අධි සංවේදන Royal Analyzer Ground Imagine System උපකරණය භාවිතයෙන් පරික්ෂා කරන ලදි.
එලෙස විශේෂ කාර්‍යබලකාය විසින් පරික්ෂණ වාර්තා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා වෙත සහ අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.
විශේෂ කර්‍ය්බලකාය විසින් ඉදිරිපත් කරන ලද වාර්තව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා පරිශීලනය කොට අධිකරණයට පහත සදහන් ලෙස කරුණු ඉදිරිපත් කොට ඇත.
විශේෂ කර්‍ය්බලකායේ පරීක්ෂණ මගින් සදහන් වී ඇත්තේ භූගර්භයෙහි ලෝහ ස්ථර කොටසක් ඇති බවට වර්ණ සලකුණු අනුව නිරික්ෂණය වී ඇති බවත්,
නමුත් එලෙස විශේෂ කර්‍ය්බලකාය විසින් පරික්ෂා කෙරු පොළවේ අභ්‍යන්තර ගැඹුර තුළ පුරාවස්තු පැවතිය නොහැකි බවයි.
එලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා එකී භූමියේ පුරාවස්තු පැවතිය නොහැකි බවට කරුණු ඉදිපත් කොට ඇත.
එලෙස පුරාවස්තු තිබිය නොහැකි බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව නැවතත් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැණිම් කිරිමට ඇති හේතුව කුමක් ද ?
භූ විද්‍යා හා පතල් කාර්යාංශ යනු භූගර්භය පවතින යමක් පරීක්ෂා කරලීමට අදාළව අනන්‍ය බලය පවතින ආයතනය වන බැවින් ද, ලෝහ ස්ථරය සම්බන්ධයෙන් වූ වර්තා මගින් ඉදිරිපත් වු කරුණු තහවුරු කරගැනිම භූ විද්‍යා හා පතල් සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකර ගැනිමට හැකි බවට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා යෝජනාවක් ඉදිරිපත් කොට ඇති නිසාද, අධිකරණය පහත පරිදි නියෝග ලබාදීමට තම අධිකරණ මනස යොදවා ඇත.
එනම් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා මෙම පරිශ්‍රය තුළ පුරාවස්තුවක් පැවතිය නොහැකි බවටත් කියා තිබීමත්, විටින් විට සිදුකරනු ලබන අනවසර කැණීම් වළක්වා මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යෑම සඳහාත්, පොදු දේපල වලට කරන්නාවූ අනර්ථයන් වළක්වාලීමත් සඳහා අධිකරණය විසින් පුරාවස්තු ගවේෂණයක් නොවන එනම්, විශේෂ කාර්‍ය බලකාය තම වාර්තාවෙහි සඳහන් ලෝහ ස්ථරය කොටස පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත නොවැම්බර් මස 12 වන දින නියෝග කර ඇත.
එකී නියෝගය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 07 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරි ඇති නෛසර්ගීක බලතල මත භූ විද්‍යා හා පතල් සමීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කොට ඇත.
එලෙස නොවැම්බර් 12 වන දින ලබා දුන් අධිකරණ නියෝගය පිළිබදව ඇතැම් මාධ්‍ය මගින් අධිකරණය විසින් නිධානයක් ගොඩ ගැනීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා දී ඇති බවට සහ නිධානයක් ලැබෙන තුරු කැනීම් සිදුකරන ලෙසට නියෝග කර ඇති බවට වාර්තා කොට ඇති බවත්, එය නිවැරදි නොවන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
ඇතැම් මාධ්‍ය වාර්තා කළ අකාරයට නිධානයක් තිබේ ද ?
භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් කළ පරික්ෂණ මගින් සමස්ත ජනතාව වෙත තහවුරු කොට ඇත්තේ විශේෂ කර්‍ය්බලකාය මගින් වර්තා කරන ලද ලෝහ ස්ථරයක් හෝ මෙම පරිශ්‍රයෙහි නොපැවති බවත් ය.
මිත්‍යා විශ්වාස මත නිදන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී කැණීම් සිදුකොට ඇති මෙම පරිශ්‍රය තුළ කිසිදු පුරාවස්තුවක් ද නොමැති බවද මනාව තහවුරුව ඇති බවට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා තහවුරු කොට ඇත.
”මහජනතාව සතු තොරතුරු දැනගැනීමේ අනුලංඝනීය අයිතිය මෙම අධිකරණය ඇතුළු සියලු අධිකරණ විසින් ගරු කරනු ලබන බවත් ඒ යටතේ අධිකරණය තොරතුරු වාර්තා කිරීමේදී විවෘත අධිකරණයේ රැඳී සිටිමින් එම තොරතුරු වාර්තා කිරීම සහ හැකි සෑම විටකම අධිකරණ නියෝගයන්හි සහතික කළ පිටපත් ලබා ගැනීම මත එහි සඳහන් පරිදි අධිකරණ තොරතුරු වාර්තා කරන්නේ නම් වඩාත් සුදුසු බව මෙහි සිහිපත් කරමි’‘ යනුවෙන් මහෙස්ත්‍රාත් වරයා අවධාරණය කළේය.