11 Suspects Arrested in SL, Attackers Took ISIS “Bay’ah” Oath in Colombo
ISIS Suicide Attack on India: Planned in Sri Lanka – Revealed in Court

11 Suspects Arrested in SL
Attackers Took ISIS “Bay’ah” Oath in Colombo
Mastermind Issued Open Warrant & Interpol Red Notice
By Bhagya Silva
It was revealed in court that an attempted ISIS suicide attack targeting India was orchestrated from Sri Lanka, with the attackers swearing their allegiance in Colombo. The Terrorism Investigation Division (TID) disclosed in Court that the attackers took the “Bay’ah” – ISIS’s loyalty pledge – in the Maligawatta area of Colombo as part of the preparations for the attack.
Arrest of Suspects
On May 19th, four Sri Lankan individuals suspected of being involved in the terror plot were arrested by the Gujarat Anti-Terrorism Squad in India. The suspects, identified as Ahmad Ghani Mohammed Nusrat, Mohammed Farook Mohammed Faris, Mohammed Naufer Nasran, and Abdul Rahim Mohammed Rasdeen, were apprehended while planning the attack. Following their arrest, the Sri Lankan Police received classified information from the Indian High Commission, which prompted the TID to search the homes of these suspects in Sri Lanka.
During a search of one of the suspects’ residence, that of Mohammed Faris in Maligawatta, another key suspect, Abdul Hamid Ameer, was arrested. This led to a broader investigation, which resulted in the arrest of ten more individuals from Dematagoda, Maradana, Maligawatta, Borella, Mawanella, and Keselwatta Panadura.
Legal Proceedings and Charges
The arrested individuals have been charged under Sri Lanka’s Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979. The charges include conspiracy to commit acts of terrorism, aiding and abetting terrorist activities, concealing information, and engaging in actions that promote religious discord.
Mastermind Revealed
Further investigations by the TID revealed that one of the masterminds behind the plot is a Sri Lankan national, Shane Shahan Nisham, alias “Seyn Moulana.” Seyn Moulana, who is currently residing outside Sri Lanka, was once a member of a notorious gang in Maligawatta and Dematagoda before fleeing the country in 2003.
Authorities disclosed that Seyn Moulana had been in contact with a key suspect, Anthony Roshan Pushparaja Jeyaraj, through Facebook Messenger. Moulana provided detailed instructions to plan the ISIS suicide attack, which included organizing the Bay’ah oath-taking ceremony, recording it, and sending the video to him via WhatsApp. Moulana also provided Pushparaja with approximately one million Sri Lankan rupees through illegal money transfer methods (“Undiyal”) to fund the plot.
Planning the Attack
Pushparaja was responsible for recruiting four individuals to prepare for the attack. The suspects reportedly designed an ISIS flag, took the Bay’ah oath of allegiance, and recorded the event. Seyn Moulana coordinated these efforts from abroad, ensuring that the group had passports, visas, and necessary financial resources for their operations. The plan was halted after the four suspects were arrested in India, and further investigations in Sri Lanka led to the capture of the local accomplices.
The Suspects
Currently, several suspects remain in custody under detention orders, while others are held in remand. The following individuals are those arrested:
- Abdul Hamid Ameer – Detention order.
- Anthony Roshan Pushparaja Jeyaraj – Detention order.
- Krishantha Sampath Wickramaarachchi – Detention order.
- Mohammed Pavas – Remanded.
- Abdul Sattar Mohammed Ismath – Remanded.
- Abdul Kader Mohammed Navroos – Remanded.
- Thalibdin Hidayathul Bari – Remanded.
- Mohideen Pichchai – Remanded.
- Dilip Rajkumar Shevin Dishan – Detention order.
- Pushparaja Roshan Jeyaraj – Detention order.
- Ahmad Mansoor Mohammed Irfan – Remanded.
ඉන්දියාව තුළ සිදු කිරීමට ගිය ISIS ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ලංකාවේ
ISIS සංවිධානයේ මරාගෙන මැරෙන “බයියත්” දිවුරුම දී තිබෙන්නේ කොළඹදී
සැකකරුවන් 11 දෙනෙකු මෙරටින් අත්අඩංගුවට
මහමොළකරුට විවෘත වරෙන්තු, ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන
භාග්‍යා සිල්වා
ISIS ත්‍රස්ත සංවිධානය විසින් ඉන්දියාව තුළ සිදු කිරීමට තැත් කල මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම් සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ බවත්, එවැනි ප්‍රහාරයකට ප්‍රථමව ISIS සාමාජිකයින් ලබා දෙන්නාවූ “බයියත්” නැමති දිවුරුම ලබා දී ඇත්තේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී බවත් මෙරට ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් අධිකරණයෙදි අනාවරණය කරන ලදි.
ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සමඟ සම්බන්ධ වෙමින් ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකික පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය මැයි මස 19 වන දින ඉන්දීය ගුජරාට් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අහමඩ් ගානි මොහොමඩ් නුස්රත්, මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාරිස් , මොහොමඩ් නවුෆර් නස්රාන් සහ අබ්දුල් රහිම් මොහොමඩ් රස්දීන් යන පුද්ගලයින් ය.
එම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය වෙත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබා දුන් රහසිගත වාර්තාවක් ඔස්සේ මෙරට ත්‍රස්ත විමර්ශන ඒකකය ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයින් සිව් දෙනාගේ නිවෙස් පරීක්ෂා කිරීම ආරම්භ කරන ලදී.
ඒ අනුව එලෙස අත්අඩංගුවට ගනු ලැබු සිව් දෙනාගෙන් එක් අයෙකු වන මොහොමඩ් ෆාරිස් යන සැකකරුගෙ නිවස මෙරට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පරීක්ෂා කළ අතර එහිදී මෙම ෆාරිස් යන අයගේ මලිගාවත්තේ නිවස අසල පදිංචි ව සිටි අබ්දුල් හමිඩ් අමීර් යන සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ ඔස්සේ දෙමටගොඩ ,මරදාන, මාලිගාවත්ත, බොරැල්ල, මාවනැල්ල සහ කෙසෙල්වත්ත පානදුර යන ප්‍රදේශයන් හි පදිංචිව සිටි තවත් සැකකරුවන් දස දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම සැකකරුවන්ට එරෙහිව 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ වගන්ති ප්‍රකාරව ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආධාර අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම, තොරතුරු වසන් කිරීම, විවිධ ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා පදනම් කොට ගනිමින් අධිකරණයේ කරුණු ගොනු කෙරිණි.
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන මගින් මෙම අයි.එස් ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරිමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස අනාවරණය කොට ගෙන ඇත්තේ මෙරට පුරවැසියෙකු ලෙස හඳුනා ගන්නා වූ දැනට ලංකාවෙන් පිටත පදිංචි ෂෙයින් ශාහන් නිශාම් නොහොත් සෙයින් මවුලානා නැමැත්තෙකු ය.
මෙම සැකකරු 1999 වර්ෂයේ සිට මාළිගාවත්ත දෙමටගොඩ ප්‍රදේශය තුළ පතාල කල්ලි සාමාජිකයකු ව සිට ඇති බවත්, පසුව 2003 වර්ෂයේදී ඔහු මෙරටින් පිටව ගොස් ඇති බවත් විමර්ශන තුළදී අනාවරණය වී ඇත.
මෙම විමර්ශනවලදී අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන සැකකරුවකු වන්නේ ඇන්තනී රෝෂ්මන් පුෂ්පරාජා ජෙයරාජ් යන තැනැත්තාය. ඔහුද විවිධ අපරාධ වල යෙදුණු තැනැත්තෙකු වූ අතර සෙයින් මවුලානා සමග කලක් සමීපව ඇසුරු කෙරූ අයෙකි.
ශ්‍රී ලංකාවෙන් පිටත සිට මෙම සිදුවීම මෙහෙය වූ මහා මොලකරු වන සෙයින් මවුලානා විසින් ෆෙස්බුක් මැසෙන්ජර් මාර්ගයෙන් පුෂ්පරාජා සමග සම්බන්ධ වී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමට අවශ්‍යය උපදෙස් ලබාදී ඇති බවත්, ඒ අනුව මෙම ත්‍රස්ත ප්‍රහාරය සදහා පුද්ගලයින් සිව් දෙනෙකු සූදානම් කිරීම, මරාගෙන මැරෙන අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රථමව ලබා දෙන දිවුරුම සිදුකිරීම සහ එය පටිගත කිරීම යන කාර්‍යයන්, පුෂ්පරාජා යන අයට සෙයින් මවුලානා විසින් බාර දී උපදෙස් ලබා දී ඇති බවත් විමර්ෂනයේදි අනාවරණය වී ඇත.
උණ්ඩියල් ක්‍රමවේදය හරහා ලක්ෂ දහසයකට අධික මුදලක්ද පුෂ්පරාජා හට විවිධ ක්‍රම ඔස්සේ සෙයින් මවුලානා විසින් ලබා දී ඇත.
ඒ අනුව පුෂ්පරාජා විසින් තවත් පුද්ගලයන් හා එකතුව උණ්ඩියල් ක්‍රමවේදය හරහා ඉන්දියාවෙන් ලැබුණු මුදල් භාවිත කරමින් අයි.එස්.අයි.එස් ධජය නිර්මාණය කිරිමත්, මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රථමව අයි.එස්.අයි.එස් සාමාජිකයින් විසින් ලබා දෙන්නාවූ බයියත් නැමති දිවුරුම ලබා දිමට පුද්ගලයින් සිව් දෙනෙකු සූදානම් කිරීමත් සිදු කොට ඇත.
තවද, එම දිවුරුම පටිගත කොට සෙයින් මවුලානා යන අය වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ ලබා දීමත් සිදු කොට ඇති පුෂ්පරාජා, මෙම පුද්ගලයින් සිව්දෙනා හට විදේශ ගමන් බලපත්‍ර සහ වීසා සකස් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සකසා දීමත් සිදු කොට ඇති බව ත්‍රස්ත විමර්ශනයේ ඒකකය විසින් අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය කරන ලදී.
මෙරටදී මේ වන අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්:
1) අබ්දුල් හමිඩ් අමීර් – රැඳවුම් නියෝග මත සිටී
2) අන්තෝනි රොෂාන් පුෂ්පරාජා- රැඳවුම් නියෝග මත සිටී
3) ක්‍රිශාන්ත සම්පත් වික්‍රමආරච්චි – රැඳවුම් නියෝග මත සිටී
4) මොහොමඩ් පවාස්- රක්ෂිත බන්ධනාගාර ගතව සිටී
5) අබ්දුල් සත්තාර් මොහොමඩ් ඉස්මත්- රක්ෂිත බන්ධනාගාර ගතව සිටී
6) අබ්දුල් කාදර් මොහොමඩ් නව්රුස් – රක්ෂිත බන්ධනාගාර ගතව සිටී
7) තාලිප්දින් හිදායතුල් බාරි- රක්ෂිත බන්ධනාගාර ගතව සිටී
8) මොහිදින් පිච්චයි- රක්ෂිත බන්ධනාගාර ගතව සිටී
9) දිලිප් රාජ්කුමාර් ශෙවීන් ඩිෂාන් – රැඳවුම් නියෝග මත සිටී
10) පුෂ්පරාජා රොෂ්මන් ජෙයරාජ් – රැඳවුම් නියෝග මත සිටී
11) අහමඩ් මන්සූර් මොහොමඩ් ඉර්ෆාන් – රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.