වැලිකඩ සිරකරුවන් ඝාතනය:

ශ්‍රේෂ්ඨාධිකරණය එමිල් රංජන් නිදොස්  කරේ ඇයි

ශ්‍රේෂ්ඨාධිකරණය එමිල් රංජන් නිදොස්  කරේ ඇයි

-පැහැර ගැනීම් කළ මේජර් අල්විස් කවුද?

-එකම සාක්ෂිකරුවන් රංගජීවට එරෙහිව දුන් සාක්ෂි පිළිනොගැනීමටත්, එම සාක්ෂිකරුවන්ගේම එමිල් රන්ජන් එරෙහි සාක්ෂි පිළිගැනීමටත් හේතුව කුමක්ද?

-වැලිකඩ බන්ධනාගාරය තුළට එදින යුද හමුදා නිලධාරීන් කිසිවෙකුට අධි චෝදනා ගොනු කර නෑ

-ප්රධාන සාක්ෂිකරුට අනුව එදින පැහැරගැනීම් වලට දායක වූ මේජර් අල්විස් කවුද?

-ස්මාර්ට් දුරකථනයක් භාවිත කරමින් හෝටල් වලින් ආහර ඇනවුම් කළ මැගසීන් බන්ධනාගාරයේ සිටි කොණ්ඩ අමිල

-කොණ්ඩ අමිලගේ බඩේ නොදිරවූ බත්: පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කියවෙන කතාව

-කොන්ඩ අමිල ඝාතනයවූයේ කීයටද?

ශෙහාන් චාමික සිල්වා

පසුබිම

2012 වසරේ නොවැම්බර් මස 9 දින සහ 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙදි සිරකරුවන් රැසක් ඝාතනයට ලක්විමේ සිදුවිමට අදාළව නිතිපති විසින් නියුමාල් රන්ගජිව ( පළමු චුදිත), ලමාහෙවගේ එමිල් රන්ජන් (දෙවන චූදිත) සහ ඉමදුවගේ ඉන්දික සම්පත් (3) යන අයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදන ගොනු කරන ලදි.

සිරකරුවන් හත් දෙනෙකුගෙ මරණය සම්බන්ධයෙන්, පැහැරගෙන යාම, මරණයට කුමන්ත්‍රණ කිරිම , මිනි මැරීම ඇතුලු අධිචෝදනා 33කින් මෙම චුදිතයන්ට එරෙහිව මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු වී ය. මෙම අධිචෝදනා අතරින් එක් අධිචෝදනාවක් වුයේ දෙවාමුල්ලගෙ මලිත් සමීර පෙරේරා නොහොත් කොණ්ඩ අමිල ඝාතනය කිරිම සම්බන්ධවයි.

කෙසෙවෙතත්, මහාධිකරණය විසින් පළමු චුදිත වන රංගජීව සහ 3 චුදිත වන ඉන්දික සම්පත් සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදි. මෙහිදි නඩු විභාගය තුන්වන චුදිතගේ පැමිණිමෙන් තොරව පැවැත්විණි.

කෙසෙවෙතත් දෙවන චුදිත වන එමිල් රන්ජන් යන අය අධිචෝදනා අතුරින් 33වන චෝදනාව වු මලිත් සමීර නොහොත් කොණ්ඩ අමිල ඝාතනය කිරිම සම්බන්ධයෙන් මීනි මැරිම යන දණ්නීති සංග්‍රහායේ වරද ප්‍රකාරව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබිමෙන් අනතුරුව මරණිය දණ්ඩනය නියම කර ලදි.

මෙහිදි මහාධිකරණය විසින් එමිල් රන්ජන් අනෙක් අධිචෝදනාවන් වු තවත් සිරකරුවන් 7ක් පැහැර ගැනිම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවකට වරදකරු ලෙස හදුනා නොගැනුණි.

ඒ අනුව දෙවෙන චුදිත හට මරණ දණ්ඩනය නියම වුයේ එවක වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොණ්ඩ අමිල ඝාතනය කිරිම සම්බන්ධයෙන්‍ ය.

මෙම මහධිකරණ තීන්දුවට එරෙහිව දෙවන චුදිත වන එමිල් රන්ජන් තමා කොණ්ඩ අමිලව ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරද කරු කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කළේය.

ඒ අනුව එකි අභියාචනය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දැක්වු දිර්ඝ කරුණු විමසුමකින් අනතුරුව එමිල් රන්ජන් යන අයව නිදොස් කොට නිදහස් කරන ලදි.

මෙම වැලිකඩ සිදුවිමට අදාළව මහාධිකරණ නඩුවේ ගොනුකෙරුණු සියලු සාක්ෂි සහ ලේඛන මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙ පෙනි සිටි නීතීඥවරුන්ගේ සහ නිතිපතිගෙ කරුණු දැක්විම් ද සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු අට වන දින තම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

නිතිපතිගේ නඩුව

මහාධිකරන නඩුව සම්පුර්ණයෙන්ම පාහේ පදනම් වුයේ මෙම නඩුවෙ සක්ෂිකරුවෙකු වු වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බලන ප්‍රධාන බන්ධනාගාර පාලක ලෙස මෙම සිදුවිම සිදුවු දින කටයුතු කළ පල්ලේ කුඹුර වලව්වේ කුඩාබණ්ඩාර යන අයගේ සාක්ෂිය මතය. 

2012 වසරේ නොවැම්බර් මස 9 වන දින පස්වරු 1.30ට බන්ධනාගාර නිළ නිවස තුළ දිවා ආහාරය ගනිමින් සිටි කුඩාබණ්ඩාර හට බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ නිළධාරින්ගෙන් ලැබුණු දූරකථන ඇමතුමක් මගින් දැනගැනිමට ලැබි ඇත්තේ විශේෂ කාර්‍යබලකායට අනුයුක්ත සෙබළුන් 700ක පමණ බලකායක් බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාරය තුලට ඇතුල් වී ඇති බවයි.

බන්ධනාගාර පරිශ්‍රය වෙත වහාම පැමිණි කුඩාබණ්ඩාර හට දිස් වි ඇත්තේ විශේෂ කාර්‍යබලකාය විසින් මේ වන විටත් විශේෂ සොදිසි මෙහෙයුමක් බන්ධනාගාරයේ එල් වට්ටුව තුළ ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම කුඩාබණ්ඩාර හට නිරික්ෂණය වි ඇත්තේ මෙම සෝදිසිමෙහෙයුමට බන්ධනාගාර බුද්ධි ඒකකයේ ප්‍රධාන පාලක වන ඉන්දික සම්පත්(තුන්වන චුදිත) තවත් බන්ධනාගාර පාලකයෙකු වන පුශ්ප කුමාර යන අයද සම්බන්ධව ඇති බවයි.

මෙහිදි විශේෂ කාර්‍ය්බලකාය තම සෝදිසිමෙහෙයුම බන්ධනාගාරයේ චැපල් වට්ටුව තුළද සිදු කිරිමට අවශ්‍ය බව දන්වා ඇති අතර මෙහිදි සක්ෂිකරු විශේෂ කාර්‍යබලකායෙන් ඉල්ලා ඇත්තේ එසේ ඔවුන්ගේ මෙහෙයුම් චැපල් වාට්ටුව දක්වා දියත් නොකරන ලෙසයි. කෙසෙවෙතත් විශේෂ කාර්‍යබලකාය තම සොදිසි මෙහෙයුම චැපල් වාට්ටුව දක්වා ද දියත් කරන ලදි. පසුව සක්ෂිකරු හට බන්ධනාගාරයෙ චැපල් වාට්ටුව දිසාවෙන් පස්වරු 3.30ට පමණ විශාල ගෝෂාවක් ඇසි ඇත. ඒ අනුව ඔහුට නිරික්ෂණය වී ඇත්තේ මරණිය දණ්ඩනය නියම වු සිරකරුවන් සහ විශේෂ කාර්‍යබලකාය අතර ගැටුමක් ඇති වි ඇති බවත් , ඒ වන විට සිරකරුවන් විවිද දෑ විශේෂ කාර්‍යබලකාය වෙත විසිකරමින් පහර දෙන බවත්‍ ය. විශේෂ කාර්‍යබලකාය කදුළු ගැස් ප්‍රහාර මගින් මෙම තත්වය පාලනය කිරිමට උත්සහා ගත්තද එම තත්වය තව තවත් අයහපත් බවට පත්වි ඇත්තේ කදුළු ගැස් නිසා තවදුරටත් වාට්ටුව තුළ රැදි සිටිමට නොහැකි වු සිරකරුවන් 15දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහාළය මතට ගිණි අවිද අතැතිව නැගිමෙන් අනතුරුවය.

සාක්ෂිකාර කුඩාබණ්ඩාර හට පසුව දැනගැනිමට ලැබි ඇත්තේ සිරකරුවන් බන්ධනාගාර රෝහල, මුළුතැන්ගෙය, සහ බන්ධනාගාර අයුධ ගබඩාව වෙත ඇතුළු වි බෙහෙත් සහ අයුධ සොරාගෙන ඇති බවත් තවද බන්ධනාගාර අපනශාලාවට ද ඇතුළු වි ඇති සිරකරුවන් එහි බඩුබාහිර ආදියද කොල්ලකා ඇති බවයි.

මෙම කාලපරිච්ජේදය තුළ බන්ධනාගාරය ඇතුල දී විටින් විට වෙඩිශබ්ද සක්ෂිකරු හට ඇසි ඇති අතර මෙම තත්වය එදින පස්වරු 7 දක්වා ඇදි ගෝස් ඇත.

කෙසෙවෙතත්, පස්වරු 7 පමණ වන විටත් විශේෂ කාර්‍ය්බලකාය හට තත්වය පාලනය කර ගැනිමට නොහැකි වු හෙයින් බන්ධනාගාර පරිශ්‍රයෙන් විශේෂ කාර්‍යබලකාය ඉවත් වී ඇති අතර එසේ ඉවත් වු විශේෂ කාර්‍යබලකාය බන්ධනාගාරයට පිටතින් ස්ථානගත වි ඇත.

සක්ෂිකරුට අනුව එසේ විශේෂ කාර්‍යබලකාය බන්ධනාගාරයෙන් පිට වි යන විට බන්ධනාගාරය තුළ සම්පුර්ණ ආරක්ෂාව බන්ධනාගාර නිළධාරින් සුලු පිරිසක් මත පැට විණි. කුඩාබණ්ඩාර විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරි ගමිණි ජයසිංහ සහ වැලිකඩ බන්ධනාගාරයට යාබදව ඇති මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන්(දෙවනි චුදිත) හට මෙම තත්වය පිළිබද දන්වා මෙම ගැටුම සමනය කිරිමට උත්සහා ගෙන ඇති අතර ඇතැම් සිරකරුවන්ගෙන් ගිණි අවි නැවත ලබා ගැනිමට ද ඔහු සමත් වී ඇති අතර කෙසෙවෙතත්, බන්ධනාගාරය තුළ වු ව්‍යාකූලත්වය සහ ප්‍රචාණ්ඩකාරි තත්වය විශේෂ කාර්‍යබලකාය පිටව ගිය පසුත් එසෙම පැවති ඇත.

එදින මධයම රාත්‍රිය වන විට සන්නාද්ධ මෝටර් රථ දෙකක සහයෙන් බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළු විමට යුධ හමුදා සෙබළුන්ගෙන් සමන්විත බලකායක් සමත් වි ඇත. එසේ යුධ හමුදා සෙබළුන්ගේ ඇතුල් විමත් සමග තවත් පැය කිහිපයක් බන්ධනාගාරය තුළ සිරකරුවන් සහ හමුදා නිළධාරින් අතර ගැටුම් ඇති වි ඇති අතර අවසාන වශයෙන් බන්ධනාගාරය තුළ තත්වය පාලනය කිරිමට හමුදා නිළධාරින් හට හැකියාව ලැබි ඇත්තේ පසු දින (නොවැම්බර් 10) අලුයම වන විටය.

සක්ෂිකරුට අනුව උදැසනදී බන්ධනාගාරය තුළ සිටි තුවාල ලැබු සිරකරුවන් රැසක් සහ ජිවිතක්ෂයට පත් වු සිරකරුවන් 27 දෙනෙකුගෙ මළ සිරුරු හදුනා ගැනුණි.  මෙදින උදැසන වන විට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බන්ධනාගාර ජයාරූප ශිල්පියෙක් ලවා බන්ධනාගාර පරිශ්‍රයේ ජයාරූප ලබා ගැනිමට කට යුතු යොදා ඇති අතර ඒ අනුව බන්ධනාගාර පාලකවරයෙකු වු ගුණවර්ධන යන අය කොමසාරිස් ජෙනරාල්වරයාගෙ නියෝග මත පරිශ්‍රය ජායාරූප ගත කර ඇත.

යුද හමුදාව විසින් බන්ධනාගාරයෙ පාලනය අත්පත් කර ගත් වහාම මෙම සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ වී ඇත. මරණකරුවන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් විමර්ශනය බන්ධනාගාර පරිශ්‍රය තුළ දි කර ඇති අතර මරණකරුවන්ගේ මරණයට හේතු සොයාගැනිම සදහා වු පශ්චාත් මරණ පරික්ෂණ ද පසුව සිදුකර ඇත. මෙම සිදුවිම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම බොරැල්ල පොලිසියද පසුව කොළඹ අපරාද කොට්ඨාසය ද අවසාන වශයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවද දිර්ඝ ලෙස පරික්ෂණ පවත්වා ඇත. මෙම පරික්ෂණවලට අමතරව වික්‍රමසිංහ කමිටුව සහ බන්දුල අතපත්තු කමිටුව හරහා ද විමර්ශන විවිධ සක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරමින් සිදු වි ඇති අතර එහෙත් කිසිදු සුවිශේශි කරුණක් එම විමර්ශන අවසානයෙදි අනවරණය වී නොමැත.

2015 අණ්ඩු පාලනය වෙනස් විමත් සමග මෙම සිදුවිම සම්බන්ධයෙන් විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත ‘නම්බුවසම් කමිටුව’ පත්කෙරුනු අතර එහිදි ප්‍රථම වතාවට අනාවරණය වුයේ මෙම සිදුවිම සිදුවු දින එනම් 2012 නොවැම්බර් 9 වන දින රාත්‍රියේ පස්වරු 7න් පසුව බන්ධනාගාරය තුළට යුද හමුදාව ඇතුලු විමෙන් පසුව ඇතැම් සිරකරුවන් පළවන චුදිත වන නියුමාල් රංගජිව සහ දෙවන චුදිත වන එමිල් රංජන්ගේ මෙහෙය විම මත යුද හමුදා සෙබළුන් විසින් පැහැරගෙන ඝතනය කරනු ලැබ ඇති බවයි.

කෙසෙවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ කරුණක් ලෙස තම තීන්දුවෙ දක්වා ඇත්තේ එකී පැහැරගැනිම් සහ ඝතනයන්ට දායක වු කිසිදු හමුදා සෙබලෙකු හදුනා ගැනිමක් හෝ ඔවුන්ට එරෙහිව මහාධිකරණය ඉදිරියෙ අධිචෝදනාවක් හෝ නිතිපති විසින් ගොනු කර නොමැති බවයි.

චූදිතයින් එරෙහිව වූ සුවිශේෂී චෝදනා:

කුඩාගමගේ ප්‍රධාන සාක්ෂියක් වූයේ මෙම නඩුකරයේ පළමු චූදිත වන රංගජීව යන අය යුද හමුදා සාමාජිකයන් පිරිසක් සමග සිරකරුවන් කිහිප දෙනෙකු මෙම සිදුවීම සිදුවන දින පැහැර ගන්නවා තමන් දුටු බවයි.

ඊට අමතරව ප්‍රධාන සාක්ෂියක් ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ 2012 නොවැම්බර් මස 10 දින උදෑසන හයට පමණ මෙම නඩුකරයේ දෙවන චූදිත වන එමිල් රන්ජන් වැලිකඩ සිරකරුවකු වූ කොණ්ඩ අමිලව යුද හමුදා නිලධාරියෙකු ලෙස ඔහු හඳුනගන්නාවූ මේජර් අල්විස් නැමැත්තා සමග පැහැර ගන්නවා තමන් දුටු බවයි.

කොණ්ඩ අමිල මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී සිරකරුවන් සියයක් පමණ දණ ගසා සිටි ස්ථානයක දණ ගසා සිටියදී මෙසේ රැගෙන ගිය බව කුඩාගමගේ සාක්ෂියයි.

පසුව ඔහු ප්‍රකාශ කර සිටින්නේ කොන්ඩ අමිලගේ ශරීරය වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ වෙරළු ගස අසල තිබියදී හඳුනාගත් බවයි.

මෙම සාක්ෂියට අමතරව ඔහුගේ තවත් වැදගත් සාක්ෂියක් වූයේ, නොවැම්බර් 10 වනදා උදෑසන සිරකරුවන් සතුව තිබූ ගිනි අවි යුද හමුදා නිලධාරීන්ගේ සහායෙන් නැවත එකතු කිරීම ඇරඹුණු බවත්, එය බන්ධනාගාර නිලධාරියෙකු වූ වසන්ත නානායක්කාර යන අය මගින් සටහන් යොදා එකතු කිරීම සිදුවුණු බවත්, එදින උදෑසන 7.00- 7.30 අතර එමිල් රන්ජන් බන්ධනාගාර නිලධාරී නානායක්කාර වෙත පැමිණ එවිට සිරකරුවන්ගෙන් එකතු කරගෙන තිබූ ගිනි අවි හතරක් නැවත තමන් වෙත උදාහරණ ලෙස ඉල්ලා සිටිනවා සාක්ෂිකරු දුටු බවයි.

එවිට නානායක්කාර තරමක් අකමැත්තක් පෙන්වූ බවත් එහෙත් එම ස්ථානයේ එවිට රැඳී සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි යන අය එමිල් රන්ජන් හට එම ගිනි අවි මුදා හරින ලෙස පැවසූ බවත් ඒ අනුව නානායක්කාර එම ගිනි අවි එමිල් රන්ජන් හට ලබා දුන් බවත් ඔහුගේ සාක්ෂියයි.

පසුව මෙම ගිනි අවි හතර සිරකරුවන්ගේ මළසිරුරු අසල තිබී හමුවූ බවද සාක්ෂිකරු මහාධිකරණයේ කියා සිටියේය.

සෙනරත් බන්දුල ලියනාරච්චි ගේ සාක්ෂිය

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවක සිටි මෙම සිරකරුගේ සාක්ෂියක් වූයේ නොවැම්බර් 09 දා මධ්‍යම රාත්‍රියෙන් පසු පළමු චූදිත වන රංග ජීව යුද හමුදා නිලධාරීන් පිරිසක් සමග සිරකරුවන් වූ නිර්මල අතපත්තු, මාල සුසන්ත, ගුණ්ඩු, ඩොල්ෆින් චන්දන යන අය පැහැරගෙන රැගෙන යනවා තම වාට්ටුවේ ජනේලය තුළින් තමන් දුටු බවයි. එමිල් රන්ජන්ගේ මැදිහත්වීමක් එම පැහැර ගැනීම්වලට ඔහු හෙළි නොකරන අතර එහෙත් පසුව ඔහු හට මරණීය තර්ජන එමිල් රන්ජන් විසින් අවස්ථා කිහිපයකදී සිදුකරනු ලැබූ බව ඔහුගේ සාක්ෂිය විය.

නන්දිමාල් සිල්වා ගේ සාක්ෂිය

මොහුද වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකි. කොණ්ඩ අමිලව නොවැම්බර් 10 වන දින උදෑසන 6.00 ට පමණ එමිල් රන්ජන් ඇතුළු යුද හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පැහැරගෙන යනවා තමන් දුටු බවත් පසුව වෙඩි ශබ්ද කිහිපයක් තමන්ට ඇසුණු බවත්, එමෙන්ම රංග ජීව (පළවන චූදිත) ද කොණ්ඩා මිල පැහැරගෙන යන මොහොතේදී එම ස්ථානයේ සිටි බවත් ඔහුගේ සාක්ෂිය විය. කෙසේ වෙතත් මහාධිකරණයේදී නන්දිමාල්ගේ සාක්ෂියේ විවිධ පරස්පරතා සහ අතපසුවීම් සලකුණු විය.

වසන්ත නානායක්කාර ගේ සාක්ෂිය

මෙම සිදුවීම සිදුවන දින බන්ධනාගාර නිලධාරිවරයකු ලෙස බැලිකඩ සේවය කළ නානායක්කාර බන්ධනාගාරයේ ආයුධ බාරව සිටි පුද්ගලයෙකු විය. ඔහුගේ සාක්ෂිය වූයේ, නොවැම්බර් මස 9 වන දින පස්වරුව 4.30 පමණ තමන් බන්ධනාගාරය තුළට ප්‍රධාන බන්ධනාගාර පාලක වූ වලිසුන්දර යන අය සමඟ පිවිසෙන විට බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා ඇති බවට දිස්වූ බවත්, පසුව යුද හමුදාව බන්ධනාගාරය තුළ පාලනය අතට ගත් පසුව නානායක්කාර හට සිරකරුවන්ගෙන් නැවත ලබාගත් ගිනි අවි එකතු කිරීම බන්ධනාගාර අධිකාරී ජයසිංහ යන අයගේ උපදෙස් මත පැවරුණු බවත්ය.

මෙසේ ගිනි අවි නැවත එකතු කිරීම ආරම්භ වී ඇත්තේ නොවැම්බර් මස 10 වන දින උදෑසන හයට පමණය. මෙම අවස්ථාවේදී නානායක්කාර හට නිසි ලේඛනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා දුරකථන කාමරයේ තිබූ ලියාපදිංචි ලේඛනය භාවිත කරමින් මෙසේ නැවත එකතු කරන ගිනි අවි සම්බන්ධයෙන් සටහන් යෙදීම ඔහු විසින් ආරම්භ කෙරූ බව ඔහුගේ සාක්ෂියයි.

බන්ධනාගාර නිලධාරීන් වූ විජය රත්න සහ සුභසිංහ යන අය මෙම කාර්ය සඳහා ඔහුට සහාය වී ඇත.

මෙසේ ගිනි අවි එකතු කිරීම ඇරඹුණු අවස්ථාවේදී මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවූ කුඩා බණ්ඩාර ඇතුළුව තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු හට ගිණිඅවි ගෙනවිත් බාර දුන් බව නානායක්කාරගේ සාක්ෂියයි. මෙම අවස්ථාවේදී එමිල් රන්ජන් යන දෙවන චූදිත තමන් වෙත පැමිණ ගිනි අවි හතරක් ඔහු හට ලබා දෙන ලෙස ඉල්ලු බවත්, ඊට තමන් අකමැත්තක් දැක්වූ බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි යන අය එම ගිනි අවි හතර එමිල් රන්ජන්ට මුදා හරින ලෙස නියෝග කළ බවත්, ඒ අනුව නානායක්කාර එම ගිනි අවි හතර එමිල් රන්ජන් හට ලබා දුන් බවත් එම ගිණිඅවි හතරේ හඳුනා ගැනීමේ අංක වෙන වෙනම ගිනි අවි එකතු කිරීමේ ලේඛනයේ එම ගිණිඅවි හතර බාරගත් බවට සඳහන් කළ පිටුවේම සටහනක් යෙදූ බවත් එය “Emil sir” ලෙස සටහන් කළ බවත් ඔහුගේ සාක්ෂිය විය.

තවදුරටත් නානායක්කාර කියා සිටියේ අපරාධ ස්ථාන පරීක්ෂක කණ්ඩායම උදෑසන වැලිකඩ බන්ධනාගාරයට පැමිණි පසු තමන් විසින් එමිල් රන්ජන්ට ලබා දුන් ගිනි අවි හතර සිරකරුවන්ගේ මළසිරුරු අසල තිබියදී සොයා ගත් බවට ආරංචි වූ බවයි.

ගිනි අවි  නැවත එකතු කිරීමේදී සටහන් යෙදූ ලේඛනය:

මහාධිකරණයේදී නානායක්කාර විසින් ගිනි අවි බාර ගැනීමේදී සටහන් යෙදූ සැබෑ ලේඛනය සාක්ෂි ලෙස ගොනු නොකෙරෙනු අතර එහි පිටපතක් පමණක් සාක්ෂි ලෙස ගොනු විය. නානායක්කාරගේ ස්ථාවරය වූයේ තමන් සටහන් යෙදූ ලේඛනය බන්ධනාගාර අධිකාරී ජයසිංහ යන අයට පිටපතක් තමන් තබා ගනිමින් ලබාදුන් බවයි. කෙසේ වෙතත් මහාධිකරණයේ නඩු විභාගයේ දී බන්ධනාගාර අධිකාරි ජයසිංහ තමන් හට මෙවැනි ලේඛනයක් ලබා දුන් බවට පිළිගැනීමක් සිදු කර නොමැත. නඩු විභාගයේදී මෙම ගිණිඅවි නැවත එකතු කිරීමේදී සටහන් යෙදූ සැබෑ ලේඛනය ඉදිරිපත් කිරීමක් ද සිදුවී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.

නිමල් ශාන්ත ගේ සාක්ෂිය

මෙම සාක්ෂිකරු කොළඹ වැලිකඩ බන්ධනාගාරයට යාබදව ඇති මැගසින් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරිවරයෙකි. ඔහුගේ සාක්ෂිය වූයේ නොවැම්බර් මස 9 වන දින වැලිකඩ බන්ධනාගාරයේ තුල සිදු වෙමින් පැවැති කෝලාහාලය සම්බන්ධයෙන් තමන් සහ දෙවන චූදිත වන එමිල් රන්ජන් දැනුවත් වීමෙන් පසු තම අධිකාරීවරයා වූ එමිල් රන්ජන් විසින් සාක්ෂිකරු හට නිලධාරීන් පිරිසක් සමග බැලිකඩ බන්ධනාගාරයට සහාය වීමට සූදානම් වන බවට දැන්වූ බවත්, ඒ අනුව පසුව මැගසීන් බන්ධනාගාරය තුළ වූ තමන්ගේ නිල කුටිය තුල එමිල් රන්ජන් ඇතුළු නිලධාරීන් පිරිසක් රැස්ව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡා සඳහා යුද හමුදා නිලධාරීන් පිරිසක් සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පිරිසක් ද සහභාගි වූ බව ඔහුගේ සාක්ෂියයි. සාක්ෂිකරු විසින් පසුදින උදෑසන 5.30ට පමණ බැලිකට බන්ධනාගාර පරිශ්‍රය වෙත ගිය බවත් ඒ වන විට තත්ත්වය පාලනය වී තිබූ බවත්, කොණ්ඩ අමිල සහ කළු තුෂාර යන අයගේ මළ සිරුරු බන්ධනාගාර පරිශ්‍රයේ තමන් දුටු බවත් ඔහුගේ සාක්ෂිය විය.

තවත් එක් විශේෂිත කරුණක් වූයේ කළු තුෂාර සහ කොණ්ඩ අමිල යන අය මෙම සිදුවීම සිදුවීමට පෙර මැගසින්  බන්ධනාගාරය තුළ සිටි අය බවත්, මැගසින් බන්ධනාගාරය තුළ කෝලහාල කිරීමේ වරද මත විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු මෙම සිදුවීම සිදුවීමට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි. කෙසේ වෙතත් මෙම සාක්ෂිකරුගේ ස්ථාවරය වූයේ එම මාරුකර යැවීම හුදෙක්ම කොණ්ඩ අමිල සහ කළු තුෂාර යන අයට එරෙහිව ගන්නා ලද විනය ක්‍රියාමාර්ගයක් වන බවත් ය.

ජයන්ත ආරච්චිගේ මර්ලීන් (කොණ්ඩ අමිලගේ මව) ගේ සාක්ෂිය

මෙම නඩුවේ පළවන චූදිත වන රංග ජීව ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කොන්ඩ අමිල මත්ද්‍රව්‍ය වරදකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි බව ඇයගේ සාක්ෂියයි. කොණ්ඩ අමිල මැගසින් බන්ධනාගාරයේ සැප පහසුව සිටි බවත්, දවසකට දෙවරක් නිවසින් ආහාර ඔහුට රැගෙන ගිය බවත්, කොණ්ඩ අමිල ස්මාර්ට් දුරකථනයක් භාවිත කරමින් පවුලේ අය සමග බන්ධනාගාරය තුළ සිට කතා කළ බවත්, ඉරිදා දිනයන් වලදී විවිධ හෝටල් වලින් මුදල් ගෙවා ආහාර කොණ්ඩා අමිල  විසින් ගෙන්වා ගත් බවත් ය.

දෙවන චූදිත වන එමිල් රංජන් මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස පැමිණීමත් සමග මෙම තත්ත්වය වෙනස් වූ බවත් එමිල් රන්ජන් කොණ්ඩ අමිල හට ප්‍රශ්න ඇති කළ බවත්, එමෙන්ම මැගසින් බන්ධනාගාරය තුළ විවිධ චෝදනා ද කොණ්ඩ අමිල වෙත එල්ල වූ බවත්, එම චෝදනාවට වරදකරු වීමෙන් පසු කොණ්ඩ අමිල වැලිකඩ සිදුවීමට දින කිහිපයකට පෙර මැගසින් බන්ධනාගාරයෙන් මාරුකර වැලිකඩ බන්ධනාගාරයට යවා ඇති බවට දැනුවත් වූ බවත් ඇයගේ සාක්ෂිය විය.

කොණ්ඩා අමිල සම්බන්ධතාවයක් පැවැත්වූ ටානියා නැමැත්තිය සමඟ බොරැල්ල පොලිසියට සහ මානව හිමිකම් කොමිසම වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ බවද ඇය කියා සිටියාය.

තවද කොණ්ඩ අමිල ගේ මවගේ සාක්ෂිය වූයේ බැලිකඩ සිදුවීම සිදුවූ දින එනම් නොවැම්බර් මස නමවන දින රාත්‍රී 9.00 ට සහ මධ්‍යම රාත්‍රී 1.00 පමන කොණ්ඩ අමිල ඇය හා සම්බන්ධව දුරකථනයෙන් කතා කළ බවත් ය.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කරන ලද්දේ මෙකී දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පොලිසිය විසින් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවත් එම දුරකථන සම්බන්ධතාවලට අදාළ තොරතුරුද ලබා ගැනීමක් ද සිදුවී නොමැති බවයි.

ටානියා දුලාරී ජයවීර ගේ සාක්ෂිය

ටානියා යනු කොණ්ඩ  අමිල සමග සම්බන්ධතාවයක් පැවැත්වූ තැනැත්තියකි. කොණ්ඩ අමිල හට දිනකට දෙවරක් ආහාර රැගෙන යාම ඇය විසින් සිදු කරන ඇත. විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු කොණ්ඩ අමිල මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමෙන් පසු කොණ්ඩ ඇමිලගේ දිගු කොණ්ඩය සම්පූර්ණයෙන් කැපීමට සිදුවූ බවත් ඊට පසුව ඔහුව හඳුනා ගැනීමට ද අපහසු වූ බවත් ඇයගේ සාක්ෂිය විය. මැගසීන් බන්ධනාගාරයේදී කොණ්ඩ අමිලට සිදුවූ විවිධ කාරණා සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කරන ලද බවද ඇයගේ සාක්ෂිය විය. දෙවන චූදිත වන එමිල් රන්ජන්ගේ පැමිණීමත් සමග මැගසීන් බන්ධනාගාරය තුළ සිටි කොණ්ඩ අමිල හට  විවිධ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවූ බවද ඇය ප්‍රකාශ කර සිටියාය.ඇය විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව ඇය හට මරණීය තර්ජන ද එල්ල වූ බව ඇයගේ සාක්ෂියේ කොටසක් විය. එමෙන්ම නොවැම්බර් මස 10 වන දින උදෑසන 6.00 ත් 6.10 අතර කොණ්ඩ අමිල තමන් හට දුරකතනයෙන් කතා කළ බවද ඇයගෙ සාක්ෂිය විය.

මෙම සාක්ෂින් පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ විශේෂ අධ්යයනයන්

ප්රධාන සාක්ෂිකරුගේ ප්රමාදය

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම තීන්දුව හරහා නිරීක්ෂණය කොට ඇත්තේ දෙවන චූදිත වන එමිල් රන්ජන්ට එරෙහිව ඔහු වරදකරු කරන ලද චෝදනාව වන කොණ්ඩ අමිල ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලිකවම පැමිණිල්ල විසින් මහාධිකරණයේදී වැඩි බර තබා ඇත්තේ කුඩා බණ්ඩාර නමැත්තාගේ සාක්ෂියට බවයි. මෙහිදී ඔහුගේ සාක්ෂිය කෙරෙහි වූ ප්‍රධාන නෛතික බාධාව වන්නේ එම සාක්ෂිය මගින් ඔහු හෙළිදරව් කරන්නා වූ කාරණයන් වැලිකඩ සිදුවීම සිදුවී වසර තුනකට පසුව ඉදිරිපත් කරන්නා වූ කාරණයන් වීමයි.

කුඩා බණ්ඩාර මේ සම්බන්ධයෙන් ඔහුගේ හේතුව ලෙස දක්වා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට ඔහුගෙන් කට උත්තරයක් ලබාගන්නා අවස්ථාවේදී එහි වූ නිලධාරියෙකු “අපි ආවේ අනුන්ගේ පව් හෝදන්න.. සර් පරිස්සමෙන් කටයුත්තරයක් දෙන්න…” යනුවෙන් ප්‍රකාශ කිරීමත්, කුඩා බණ්ඩාරගේ බිරිඳ හට වැලිකඩ  සිදුවීමෙන් පසු ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමත් නිසා ඔහු සත්‍යය ප්‍රකාශ කිරීමට බිය වූ බවයි.

කුඩා බණ්ඩාරගේ බිරිඳට ආ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් වූ සාක්ෂිය ප්‍රවාදක සාක්ෂියක් ලෙස සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔහුගේ කට උත්තරය සටහන් කරන ලද නිලධාරියා මෙන්ම කුඩා බණ්ඩාරගේ බිරිඳ ද මහාධිකරණයේ සාක්ෂි ලෙස කුඩා බණ්ඩාරගේ හේතුව සනාථ කිරීමට ඉදිරිපත් කර නොමැති බවයි.

තවද ශ්‍රේෂ්ඨාධිකරණය  නිරීක්ෂණය කර ඇත්තේ කුඩා බණ්ඩාර විසින් ලබා මුල් අවස්තාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හට දුන් කට උත්තරය ද මහාධිකරණයේදී ගොනුවී නොමැති බවයි. එමිල් රන්ජන් වෙනුවෙන් මහාධිකරණයේදි සාක්ෂියක් ලෙස කැඳවූ නිල්මිණි මෙන්ඩිස් නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය විසින් ප්‍රකාශ කර ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 01 වන දින කුඩා බණ්ඩාරගෙන් කට උත්තරයක් දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන ඇති අතර පසුව ප්‍රේමතිලක නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීවරයා නිල්මිණී නමැති සාක්ෂිකාරියට එම කට උත්තරයේ සටහන ලබා දුන් බවත්, එහෙත් නැවත ප්‍රේමතිලක නමැති නිලධාරීවරයා එම කට උත්තරයේ සටහන රැගෙන ගිය බවත් පසුව ප්‍රේමතිලක නමැත්තාගේ සටහන් තුළින් එම කට උත්තරයේ සැබෑ සටහන අතුරුදහන් වී ඇති බවත් ලෙසටය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය කුඩා බණ්ඩාර කියන්නා වූ කාරණයන් සම්බන්ධයෙන් ඔව් විසින් ලබා දුන් කට උත්තරය නොමැතිවීම නිසා විත්තියට පරස්පරතාවයන් සහ අතපසුවීම් ලකුණු කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බවද නිරීක්ෂණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ඇති කරුණක් වන්නේ සාක්ෂිකාර කුඩා බණ්ඩාර මෙම වැලිකඩ සිදුවීමට අදාළව 2012 සිට 2015 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ පරීක්ෂණ පැවැත්වූ වික්‍රමසිංහ කමිටුව සහ බන්දුල අතපත්තු කමිටුව ඉදිරියෙහි සාක්ෂිකරුවකු ලෙස කරුණු දක්වා ඇති බවයි. එහිදී කිසිවක් ප්‍රකාශ නොකළ ඔහු 2015න් පසුව පිහිටුවන ලද නම්බුවසම් කමිටුව ඉදිරියේදී ප්‍රථම වතාවට මෙම කාරණාවන් හෙළි කරන්නට වූ බවයි.

කුඩා බණ්ඩාර එසේ තමන් අවුරුදු තුනකට පසුව හිටිහැටියේ මෙම කරුණු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන තවත් කරුණක් වූයේ 2015න් පසු ඔහුට ලැබුණු තවත් නාඳුනන දුරකථන ඇමතුමක්ය. එම දුරකථන ඇමතුම මගින් ‘සත්‍යයත් සමඟ දැන් එළියට එන්න’ ලෙස කුඩා බණ්ඩාර හට ඇමතුමක් ලැබුණු බව ඔහුගේ සාක්ෂිය විය. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සඳහන් කර ඇත්තේ විමර්ශන නිලධාරීන් විසින් කුඩා බණ්ඩාරගේ බිරිඳ හට මුල් අවස්ථාවේදී ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමත්, පසුව ඔහුට 2015 දී ලැබුණු නාඳුනන දුරකථන ඇමතුමත් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට මෙම සාක්ෂිකරු විසින් ඉදිරිපත් කරන්නා වූ අලුත් කාරණා සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය තහවුරු කිරීමට කටයුතු කර නොමැති බවයි.

තවද කුඩාබණ්ඩාරගේ බිරිඳ සාක්‍ෂිකාරියක් ලෙස කැඳවීම මෙන්ම ඔහුට ලැබුනා යැයි කියන නාඳුනන දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂණ සිදුකල යුතුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කොට ඇත.

“…It is trite law that belatedness in giving evidence is a factor that casts doubt on the credibility of a witness. If a witness delays making a statement that would leave room for him to implicate innocent persons for reasons best known to him. The Court would be reluctant to act on such belated evidence unless there is a plausible explanation given as to the cause of belatedness. This was considered in the case of Sumanasena V. Attorney General [1999] 3 Sri LR 137 at 140 as follows; Just because the witness is a belated witness the Court ought not to reject his testimony on that score alone and a Court must inquire into the reasons for the delay and if reasons for the delay are plausible and justifiable the Court could act on the evidence of a belated witness….

Witness Kuda Bandara made use of all the opportunities he got to make statements, and made statements to CID, Wickremasinghe Committee as well as Bandula Atapattu Committee but was not truthful until the change of the government in the year 2015 and received an anonymous call asking him to come out with the truth. To this extent, the evidence of witness Kuda Bandara will have to be treated as belated evidence, and a question will arise as to whether the explanation given by Kuda Bandara is plausible and justifiable for the Court to act on the said evidence……” – Vijith K. Malalgoda PC J



කුඩාබණ්ඩාරගේ සාක්ෂියේ පරස්පරතා

කුඩා බණ්ඩාරගේ ප්‍රධාන සාක්ෂියක් වූයේ නොවැම්බර් මස 9 වන දින උදෑසන 5.55 ත් 6.00 ත් අතර එමිල් රන්ජන් යුද හමුදා නිලධාරියකු ලෙස හඳුනාගන්නා වූ මේජර්  අල්විස් යන අය සමඟ කොණ්ඩ අමිලව පැහැරගෙන ගිය බවයි. තවත් සිරකරුවන් සියයක් පමණ දණ ගසාගෙන සිටියාවූ බන්ධනාගාරයේ කොවිල් පෙදෙස කොණ්ඩ අමිලද දණගාසා ගෙන සිටි බව කුඩා බණ්ඩාරගේ සාක්ෂියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිරීක්ෂණය කර ඇත්තේ නන්දිමල් සිල්වා නමැති සිරකරු හැරුණු කොට වෙනත් කිසිදු සිරකරුවෙකු මෙම සාක්ෂිය සනාථ කිරීමට පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. කොණ්ඩ අමිල සියයක් පමණ වූ සිරකරුවන් සමග දණගසා සිටිය ද එම සිරකරුවන්ගෙන් කිසිදු අයකු කුඩා බණ්ඩාරගේ සාක්ෂිය සනාථ වන අයුරින් සාක්ෂි ලබාදී නොමැත.

නන්දිමල් සිල්වා ද තමන් පොලිසිය වෙත කරන ලද පළවෙනි කටඋත්තරයේ එවැනි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර නොමැති අතර ඔහුද පළවෙනි වතාවට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ මහාධිකරණයේ නඩු විභාගය තුළදීය. නන්දිමාල්ගේ සාක්ෂියේ විවිධ පරස්පරතා සහ විෂමතාද මහාධිකරණයේදී විමසුමට ලක් වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.

කුඩා බණ්ඩාරගේ තවත් සාක්ෂියක් වූයේ පළවන චූදිත වන රංග ජීව යන අය සිරකරුවන් කිහිප දෙනෙකු පැහැර ගැනීමට සම්බන්ධ බවයි.  රංග ජීව නිල් පැහැති කොට කලිසමක් සහ කහ පැහැති කමිසයකින් සැරසී තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග වැලිකඩ බන්ධනාගාරය තුළට ඇතුළුවූ බවත්, හමුදා නිලධාරීන් හතර පස් දෙනෙකු සමග සිරකරුවන් වූ මාලන්, කපිල, මංජු ශ්‍රී, සහ කළු තුෂාර යන අයව රංග ජීව පැහැර ගෙන ගිය බවත් මහාධිකරණය ඉදිරියේ කුඩා බණ්ඩාරගේ සාක්ෂිය විය.

කෙසේ වෙතත් මහාධිකරණය විසින් රංග ජීව සාක්ෂිකරු විසින් සාක්ෂි කූඩුවේ සිට හඳුනාගැනීමක් පමණක් සිදුකළ බැවින් රංග ජීවට එරෙහිව එම සාක්ෂි සලකා බැලීමට කටයුතු කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිරීක්ෂණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නිරීක්ෂණය කර ඇත්තේ කොණ්ඩ අමිල වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන අවස්ථාවේදී ඔහුගේ දිග කොන්ඩය කපා ඇති බැවින් ඔහුගේ අනියම් පෙම්වතිය වූ ටානියා හට පවා කොණ්ඩ අමිල හඳුනා ගැනීම අපහසු වී ඇති බවයි. එසේ නම් කුඩා බණ්ඩාර කොණ්ඩා අමිලව හඳුනාගැනීම සම්බන්ධයෙන් නැගෙන සැකය පිළිබඳව මහාධිකරණයේ අවධානය යොමු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා ඇත.

මෙහිදී තවත් විශේෂිත කරුණක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කොට ඇත්තේ කොණ්ඩ අමිලව එමිල් රන්ජන් සහ මේජර් අල්විස් යන තැනැත්තන් දෙදෙනා රැගෙන යන බවට ඔහු දුටු නමුත් විමර්ශන නිලධාරීන් හට හෝ පැමිණිල්ලට මේජර් අල්විස් නමැත්තෙකු සොයාගැනීමට හෝ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

තවද කුඩාබණ්ඩාරහට තම රැකියාවෙන් විවිධ උසස්වීම් 2015න් පසුව ලැබී ඇති බවද ඔහු විසින් පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය විසින් කුඩා බණ්ඩාරගේ සාක්ෂියේ විශ්වාසනීයත්වය පිළිබඳව අවධානයෙන් යුතුව සැලකිය යුතුව තිබූ බවට නිරීක්ෂණය කොට ඇත.

“…..When considering the above material, it appears that the evidence of witness Kuda Bandara consists of exaggerations, falsehood, and inadmissible material but the High Court at Bar was not cautious enough when acting on the evidence of witness Kuda Bandara, who made a belated revelation three years later. There is a duty cast upon the Trial at Bar to consider whether it is safe to act on the belated evidence of witness Kuda Bandara being the only witness who implicated the Appellant in the alleged abduction of the deceased Konda Amila…..”- Vijith K. Malalgoda PC J



මැගසීන් බන්ධනාගාරයේ විශේෂ වරප්රසාදලත් කොණ්ඩ අමිල

එමිල් රන්ජන් කොණ්ඩ අමිලව ඝාතනය කිරීමට ඔහු තුළ තිබූ චේතනාව සනාථ කිරීමට මහාධිකරණය සලකා බලා ඇත්තේ කොණ්ඩ අමිලගේ මවගේ සහ අනියම් පෙම්වතියගේ සාක්ෂිවල හරය වූ කොණ්ඩ අමිල මැගසින් බන්ධනාගාරයේ සිටියදී එමිල් රන්ජන් කොණ්ඩ අමිලට සැලකූ ආකාරය යි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොණ්ඩ අමිලගේ මවගේ සාක්ෂිය සහ අනියම් පෙම්වතියගේ සාක්ෂිය තුළින් හුදෙක්ම හෙළිවන්නේ කොණ්ඩ අමිලට මැගසින් බන්ධනාගාරයේදී හිමි වෙමින් තිබූ වරප්‍රසාද සියල්ල එමිල් රන්ජන් බන්ධනාගාර අධිකාරිවරයා ලෙස පැමිණීමෙන් පසු අහිමි වී ඇති බවයි. දිනකට දෙවරක් පිටතින් ආහාර ලබාදීම, ඉරිදා දිනයන්හිදී හෝටල් වලින් ආහාර ලබාදීම, ස්මාර්ට් දුරකථනයක් බන්ධනාගාරය තුළ ඔහු භාවිත කිරීම යන වරප්‍රසාද එමිල් රංජන් පැමිණීමෙන් පසු අහිමි වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා ඇත.

මෙම කාල පරිච්ඡේදය ඇතුල තුළ මැගසින් බන්ධනාගාරය තුළ විවිධ උද්ඝෝෂණ සංවිධානය කිරීම සඳහා කොණ්ඩ අමිල මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවත්, තවත් සිරකරුවෙකුට කොණ්ඩ අමිල විසින් කරන ද ක්‍රියාවක් හේතුවෙන් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එමිල් රන්ජන් විසින් එම ක්‍රියාමාර්ග කොණ්ඩ අමිල ට එරෙහිව ගනු ලැබුවේ වෙනත් සුවිශේෂී හේතුවක් නිසාදැයි මහාධිකරණය ඉදිරියේ කිසිදු සාක්ෂියක් නොමැති බවද නිරීක්ෂණය කර ඇත.

තවද කොණ්ඩා අමිලගේ මව සහ අනියම් පෙම්වතිය ඔහුගේ වරප්‍රසාද ගිලිහීම සම්බන්ධයෙන් එමිල් රන්ජන් හට අකමැත්තක් ඇති බවට පැහැදිලිව නිරීක්ෂණය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා ඇත.

තවද ඔවුන් දෙපළගේ සාක්ෂිය මගින් දෙවන චූදිත වන එමිල් රන්ජන් ගේ චේතනාව ඔප්පු කිරීමට පැමිණිල්ල උත්සාහ ගෙන ඇති නමුත් එම සාක්ෂිකාරියන් දෙපළම ඇසින් දුටු සාක්ෂිකාරියන් නොවන බවද, එමෙන්ම ඔවුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් පක්ෂපාතීත්වයක් හෝ ලබඳියාවක් සහිත සාක්ෂිකරුවන් බවද විනිශ්චිත නඩු තීන්දු රැසක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

“….In the instant case the two witnesses Tania Dulari and Merlin, are clearly interested witnesses as their interest is with regard to exacting revenge from the Appellant rather than having an interest in furthering the course of justice. Their grievance is that, the Appellant in following the administrative rules in the prison as the Superintendent of prisons, is not favouring the deceased. After the Appellant was appointed as the Superintendent, he had stopped all illegal favours that the deceased Amila, had enjoyed in the prison. Their vengeance is against maintaining the law and order of the prison to their disadvantage, therefore the evidence of these two witnesses will have to be considered with great caution…”- Vijith K. Malalgoda PC J



පැහැරගැනීම් වලට හවුල් වූ මේජර් අල්විස් කවුද?

එමිල් රන්ජන් යන අය මේජර් අල්විස් නමැත්තා සමග කොණ්ඩ අමිලව පැහැරගෙන ගිය බව තමන් දුටු බව කුඩා බණ්ඩාරගේ ප්‍රධාන සාක්ෂියක් විය. එහෙත් මෙම මේජර් අල්විස් ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති අපොහොසත් වී ඇති බවද නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේජර් අල්විස් යන නමින් එදින යුද හමුදාවේ කිසිදු නිලධාරීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර නොමැති බව ද සලකා බලා ඇත. එසේ කිසිදු පුද්ගලයෙකු මේජර් අල්විස් නමින් එදින සිට නොමැති නම් කුඩා බණ්ඩාරගේ සාක්ෂිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණය කර ඇත.

බන්ධනාගාරයේ නිලධාරිවරයකු ලෙස කුඩා බණ්ඩාර හට හමුදා නිලධාරීන් අතුරින් මේජර් අල්විස් නැමැත්තා හඳුනාගැනීමට හැකිවීම අතපසුවීමෙන් සිදුවූවක් ලෙස සලකා බලන්නේ නම් කුඩා බණ්ඩාර එම හමුදා නිලධාරීන් හඳුනාගැනීම සම්බන්ධයෙන් කරන්නා වූ සාක්ෂිය හෝ කොණ්ඩ අමිල පැහැර ගැනීම සම්බන්ධයෙන් කරන්නාවූ සාක්ෂිය බොරු සාක්ෂියක් බවට සැලකිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

“…Kuda Bandar  being an officer attached to Welikada Prison there wouldn’t have been any mistake about the identity of Major Alwis unless Kuda Bandara is lying about the identity of the Army personnel or he is lying concerning the so-called abduction of ‘Konda Amila’. If doubt is created whether witness Kuda Bandara is coming out with a true story or not when he referred to the involvement of Major Alwis the benefit of the said doubt should not be given to the prosecution but the Appellant is entitled to receive the benefit of such doubt…”



මහාධිකරණයද මේජර් අල්විස්ගේ හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිහඬ බවද ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇති අතර තවද සෙනරත් බන්දුල ලියනාරච්චි යන තැනැත්තාගේ සාක්ෂියේ එමිල් රන්ජන්ට එරෙහිව ඇති කොටස මහාධිකරණය සලකා බලා ඇති නමුත් තුන්වන චූදිතට එරෙහිව එම සාක්ෂිකරුම දී ඇති සාක්ෂිය සලකා බලා නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ  මතයයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ කොණ්ඩ අමිලගේ කුසෙන් හමු වූ නොදිරවූ බත්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොණ්ඩ අමිලගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න බණ්ඩාර දිසානායක ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇත.

කොණ්ඩ අමිල වෙඩි උණ්ඩ මගින් සිදුවූ තුවාල නිසා ඝාතනයට ලක් වී ඇති බවට නිරීක්ෂණය කර ඇති එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් විශේෂ කරුණක් ලෙස හෙළිකොට ඇත්තේ මරණයට පත්  කොණ්ඩ අමිලගේ කුසෙහි බාගයට දිර වූ බත් ඉතිරිව තිබී ඇති බවයි.

සාමාන්‍ය තත්වයන් යටතේ පුද්ගලයෙකු ලබාගත් ආහාර පැය හයක් ඇතුළු තුළ දිරවිය යුතු බව අධිකරණ වෛද්‍ය මතය විය.

කුඩා බණ්ඩාරගේ සාක්ෂි නිරීක්ෂණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කර ඇත්තේ, සාක්ෂිකරුට අනුව කොණ්ඩ අමිලව පැහැරගෙන යනවා ඔහු දැක ඇත්තේ නොවැම්බර් මස 10 වන දින උදෑසන 6.30ට පමණ බවත්, බන්ධනාගාරය තුළ අවසන් ආහාර වේල ලෙස පැමිණිල්ලේම සාක්ෂි මත ලබා දී ඇත්තේ ඊට පෙර දින වූ නොවැම්බර් මස 9 වන දින දහවල් 12 පමණ බවත් ය, එනම්, විශේෂ කාර්ය බලකාය විශේෂ සෝදිසි මෙහෙයුමට පැමිණීමට පෙර ය.

එදින දහවල් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාරය තුළට ඇතුළුවීමෙන් පසුව පැමිණිල්ල මගින් ස්ථාපිත කරන ලද කාරණා සලකා බැලීමේදී කිසිදු සිරකරුවෙක් හට ආහාර පිළියෙල කර ගැනීමට අවකාශයක් තිබිය නොහැකි යන්න ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කොට ඇත.

තවද වෙනත් මරණයට පත් වූ එකදු සිරකරුවෙකුගේ කුස තුලින් එවැනි භාගයට දිර වූ ආහාර හමු නොවීම ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානයට බඳුන් වී ඇත.

කුඩා බණ්ඩාරගේ සාක්ෂිය සත්‍යයක් නම් එනම් කොන්ඩ අමිල තවත් සිරකරුවන් සියයක් පමණ සමග 10 දින උදෑසන හයට පමණ දණ ගසා සිටියදී පැහැරගෙන ගියේ නම් ඔහුගේ කුස තුළට ආහාර මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇතුළු වූයේ කෙසේද යන ප්‍රශ්නාර්ථය පැන නගින බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.

09 වන දින දහවල් බන්ධනාගාර රැඳවියන් හට දිවා ආහාරය ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුමක් දියත් කිරීම සඳහා පැමිණීමත්, ඉන් අනතුරුව සිරකරුවන් බන්ධනාගාරයේ අවි ගබඩාව, මුළුතැන්ගය, ආපනශාලාව හට ඇතුළු වී ඒවා කොල්ලකෑමත්, ඉන් අනතුරුව විශේෂ කාර්ය බළකායත් සමග සිරකරුවන් ගැටුමක් ඇතිකර ගැනීමත්, මෙහිදී සාක්ෂිකරු හට වෙඩි ශබ්ද ඇසීමත්, විශේෂ කාර්ය බළකායට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිව පස්වරු 07.00 ට පමණ පිටවී ගිය පසු යුද හමුදාව බන්ධනාගාරය තුළට ඇතුළුවන මොහොතේදී සිරකරුවන් හට බන්ධනාගාර මුළුතැන් ගෙය වෙත පිවිසීමට අවස්ථාව ඇහිරීමත් යන කරුණු කෙරෙහි ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කර ඇත.

එසේ නම්, සිරකරුවන් හා යුද හමුදාව අතර ගැටුමක් ඇතිව තිබූ මෙම අවස්ථාවේදී කොන්ඩ අමිල හට හෝ සිරකරුවන් හට ආහාර පිළියෙළ කිරීමට අවස්ථාවක් ලැබුනේ කෙසේද යන්න මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දැරූ කිසිදු සාක්ෂිකරුවෙකු පැහැදිලි කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.

10 වන දින උදෑසන දී කොණ්ඩ අමිලව පැහැර ගැනීම සම්බන්ධයෙන් කුඩා බණ්ඩාරට අමතරව සාක්ෂි දී ඇත්තේ නන්දිමාල් සිල්වා පමණි එහෙත් ඔහුගේ සාක්ෂිය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. එසේ නම් එමිල් රන්ජන්ට විරුද්ධව ප්‍රබලම සාක්ෂිය ලෙස පවතින කුඩා බණ්ඩාරගේ සාක්ෂිය වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂියක් මගින් තහවුරු නොවීමත්,පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඔහුගේ සාක්ෂිය හා පරස්පරවීමත්, ඔහු මෙවැනි සාක්ෂියක් ලබා දෙන්නේ වැලිකඩ සිදුවීමෙන් අවුරුදු තුනකට පමණ පසුව වීමත්, ඔහු විසින් හඳුනාගන්නා මේජර් අල්විස් නැමැත්තෙකු එදින යුද හමුදා කණ්ඩයේ නොසිටි බවට හෙළිවීමත්, යන කාරණා කෙරෙහි මහාධිකරණය තම අවධානය යොමු කර නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව හරහා නිරීක්ෂණය කොට ඇත.


එමිල් රන්ජන්ට එරෙහිව ගෙන එන ලද තවත් සාක්ෂියක් වන්නේ බන්ධනාගාර නිලධාරී නානායක්කාරගේ සාක්ෂියයි. නානායක්කාරයට අනුව ඔහු ගිනිඅවි නැවත එකතු කරගනිමින් සටහන් යොදමින් සිටියදී, ඔහු සිරකරුවන්ගෙන් නැවත එකතු කරගත් ගිනියවි හතරක් 10 දින උදෑසන එමිරංජන් විසින් ඔහුගෙන් ඉල්ලා රැගෙන ගිය බව ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් ඔහු ගිනි අවි නැවත එකතු කිරීමේදී සටහන් යොදනලද ලේඛනයේ සටහනක් ද යෙදූ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය ඉදිරියේ තිබූ සාක්ෂි අධ්‍යයනයේදී නිරීක්ෂණය කොට ඇත්තේ මෙම ලේඛනයේ සැබෑ ලේඛනය මහාධිකරණය සාක්ෂියක් ලෙස ගොනු කර නොමැති බවයි. එහිදී එම ලේඛනයේ නානායක්කාර විසින් පිටපත් කරන ලද පිටපතක් පමණක් පැමිණිල්ල විසින් මහාධිකරණයේ ගොනුකර ඇත.

කෙසේ වෙතත් පැමිණිල්ල විසින් මෙවැනි ලේඛනයක් සත්‍ය වශයෙන් තිබුණේ යන්න සනාථ කිරීම සඳහා, බන්ධනාගාර ඡායාරූප ශිල්පියා එදින උදෑසන මෙම ලේඛනයේ ගත් ඡායාරූපයක් මහාධිකරණයේ ගොනුකර ඇත. කෙසේ වෙතත්, එම ඡායාරූපයේ එමිල් රංජන් හට නැවත ගිනි අවි හතරක් ලබා දුන් බවට වූ සටහන නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත. පැමිණිල්ලේ ස්ථාවරය වී ඇත්තේ එම ඡායාරූපය ගන්නා මොහොතේදී තවමත් එමිල් රංජන් එම ගිනි අවි හතර නානායක්කාරයගෙන් ඉල්ලා නොමැති බවයි. පැමිණිල්ලේ ස්ථාවරය වන්නේ බන්ධනාගාර ඡායාරූප ශිල්පියා එම ලේඛනය ඡායාරූපගත කොට ඇත්තේ උදෑසන 06.16 ට පමණ බවයි. පැමිණිල්ල ස්ථාවරය වී ඇත්තේ බන්ධනාගාර ඡායාරූප ශිල්පියා නිකෝන් වර්ගයේ කැමරාවකින් මෙම ඡායාරූප ගෙන ඇති බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත්තේ, එදින උදෑසන 8.30ට පමණ සෝකෝ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ද බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඡායාරූප ගෙන ඇති බවයි. නිකෝන් වර්ගයේ කැමරාවකින් ඡායාරූප ගෙන ඇත්තේ සැබවින්ම බන්ධනාගාර ඡායාරූප ශිල්පියා නොව අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් බවට ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණය කර ඇත. බන්ධනාගාර ඡායාරූප ශිල්පියා සැබවින්ම භාවිතා කර ඇත්තේ කැනොන් වර්ගයේ කැමරාවකි. මෙම ස්ථාවරය නිවැරදි නම් උදෑසන 8.30 වන විටද එමිල් රන්ජන් ගිණිඅවි හතරක් රැගෙන ගිය බවට යෙදූ සටහන එම ලේඛනය නොමැති අතර ඒ අනුව නානායක්කාරගේ සාක්ෂියේ පරස්පරතාවයක් පැන නගින බව ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණය කර ඇත.

එම සැකයේ වාසිය පැමිණිල්ලට නොව විත්තියට හිමි විය යුතුව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණය කර ඇත.




ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ පැමිණිල්ල විසින් පළමු චූදිත වන රංග ජීව සහ දෙවන චූදිත වන එමිල් රන්ජන්ට එරෙහිව විශාල වශයෙන් බර තබා ඇති සාක්ෂියක් වන කුඩාබණ්ඩාරගේ සාක්ෂිය මහාධිකරණය විසින් පිළිගැනීමේදී පළමු චූදිත වන රංග ජීවට එරෙහිව කුඩා බණ්ඩාරගේ සාක්ෂිය පිළිනොගැනීමටත් එහෙත් ඔහුගේම සාක්ෂිය දෙවන චූදිත වන එමිල් රන්ජන්ට එරෙහිව පිළිගැනීමටත්, එමෙන්ම සාක්ෂිකරුවන් වූ සෙනරත් බන්දුල ලියනාරච්චි යන අයගේ සාක්ෂි ද එමිල් රන්ජන්ට එරෙහිව පිළිගනිමින් එහෙත් රංග ජීවට එරෙහිව පිළිනොගැනීමටත්, හේතු වූ සුවිශේෂී කරුණු කුමක්දැයි යන්නට හේතු දක්වා නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කොට ඇත.

එක් කරුණක් ගැන බොරු සාක්ෂි ලබා දෙන්නාවූ සාක්ෂිකරුවෙකුගේ සාක්ෂියේ තවත් කොටසක් විශ්වාසනීය නොවන බවට වූ නෛතික මූලධර්ම (Falsus in uno falsus imnibus) කෙරෙහිද ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව හරහා අවධානය යොමු කොට ඇත.

“…..in the case of The Queen vs. V.P. Julis and two others (1963) 65 NLR 505, Basnayake CJ and Weerasooriya J in two separate judgments acknowledge the acceptance of the above maxim…… As per Weerasooriya J “The maxim falsus in uno, falsus in omnibus, is not an absolute rule which has to be applied without exception in every case where a witness is shown to have given false evidence on a material point. But when such evidence is given by a witness the question whether other portions of his evidence can be accepted as true should not be resolved in his favour unless there is some compelling reason for doing so….” – Vijith K. Malalgoda PC J

Who is an ‘interested witness’ ?

The Supreme Court alsoin this caseaddressed the complexities surrounding the credibility of “interested witnesses” and its decided law and the extent of the applicability in this case with regard to the mother and mistress of deceased konda amila.

“….Can they be considered as interested witnesses?. There exists no hard and fast rule stating that family members could never be true witnesses and that they would always give false evidence in Court in order to take revenge from an accused. It depends on the circumstances of each case. In the case of Jayabalan V. U.T. of Pandcherry 2010 1 SCC 199, the Indian Supreme Court discussed the evidence of interested witnesses and as to whether they can be relied upon. The Court was of the view that their evidence cannot be ignored or thrown out solely because it comes from a person closely related to the victim. In the case of Ram Bharosey V. State of U.P. AIR 2010 SC 917, it was held that, a close relative of the deceased does not per-say become an interested witness, and that an interested witness is one who is interested in securing the conviction of a person out of vengeance, enmity or due to disputes among themselves and not with the intention to further the course of justice. In the case of Motilal V. The State of M.P. AIR ONLINE 2018 MP 730 it was stated that, “…it is important to analyse the jurisprudence on an interested witness. It is a settled principle that the 19 evidence of an interested witness needs to be scrutinized with utmost care. It can only be relied upon if the evidence has a ring of truth to it, is cogent, credible and trustworthy…” Thilakawardane J.

in the case of The Attorney General vs. Sandanam Pitchi Theresa SC Appeal No 79/2008 SC minute dated 06.05.2010 stated that, “a key test of credibility is whether the witness is an interested or disinterested witness.” Rajaratnam J in Tuder Perera vs. AG (SC 23/75D.C. Colombo Bribery 190/B minutes of SC dated 1/11/1975) observed that when considering the evidence of an interested witness who may desire to conceal the truth, such evidence must be scrutinized with some care. The independent witness will normally be preferred to an interested witness in case of conflict. Matters of motive, prejudice, partiality, accuracy, incentive, and reliability have all to be weighed (vide Halsbury Laws of England 4 th Edition para 29). Therefore, the relative attached to the evidence of an interested witness who is a near relative of the accused or whose interests are closely identified with one party may not prevail over the testimony of an independent witness. (Vide Hasker V. Summers (1884) 10 V.L.R.(Eq.)204- Australia; Leefunteum V. Beaudoin (1987)28 S.C.R.89 – Canada ) When examining an interested witness who has some enmity with the accused, Court should take greater care and caution than when examining the evidence of a disinterested and unrelated witness…” Vijith K. Malalgoda PC J


නඩු අංකය : SC/Appeal No. TAB 001/2023
තීන්දුව: 2024/08/08
ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුදගල විනිසුරු මඬුල්ල: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ, එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගපුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේදී.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න, සමග නීතිඥ නන්දන පෙරේරා, නයනා දිසානායක, ඉශාන් ගම්පලගේ, ඉමාශා සේනාධීර, සෙනාල් මතුගම, ශොනාල් ද සිල්වා, විවේන්ද්‍ර රත්නායක, අවිශ්ක ජයවර්ධන, රමිත් දුනුසින්හ, අචින්ත ද සිල්වා අභියාචක එමිල් රන්ජන් වෙනුවෙන් පෙනී සිටියහ.

Join Our Community

Keep in touch with the latest news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *