මගියෙකුට අවමන් කළ ගුවන් සේවා සමාගමකට රු. මිලියන 7.5 ක වන්දි ගෙවන්න නියෝග

-වර්සෝ ජාත්‍යන්තර සම්මුතිය මත ඇති සිවිල් වගකීම්

තම කාර්යමණ්ඩලය මඟින් ගුවන් මගියෙකුට අවමන් සහගත ලෙස කටයුතු කිරීම, ඔහුගේ කීර්ති නාමයට හානි කිරීම සහ පීඩාවට පත් කිරීම මත රුපියල් මිලියන 7.5 ක වන්දියක් එකී ගුවන් මගියා වෙත ගෙවන ලෙසට ගුවන්සේවා සමාගමකට එරෙහිව කොළඹ දිසා අධිකරණය පසුගියදා නියම කළේය.

කොළඹ අතිරේක දිසා විනිසුරු ඩී. එම්. ඒ. සෙනෙවිරත්න මහතා තම තීන්දුව මඟින් ගුවන් ගමන් ආශ්‍රිතව මතු වන්නාවූ නඩු නිමිති සහ ගුවන් සේවා සමාගම සතුවන්නාවූ වගකීම් සම්බන්ධ නීතීන් අන්තර්ජාතික වොර්සෝ සම්මුතිය (warsaw Convention) සහ එම සම්මුතිය දේශීයව බලාත්මක කොට ඇති 1992 අංක 55 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන)පනත මඟින් අධ්‍යයනය කොට ඇත.

මෙම නඩුවේ පැමිණිලිකරු අවුරුදු 35 කට අධික කාලයක් ගුවන් නියමුවෙක් ලෙස සේවය කරන ලද තැනැත්තෙකි.

2014 වසරේ දෙසම්බර මාසයේදි, විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා තම පවුලේ සමාජිකයන් සහ ඥාති පිරිසක් සමග කෙන්යාවේ නයිරෝබි නුවර බලා ගොස් නැවත පැමිණීම සඳහා විත්තිකාර ගුවන් සමාගමේ සේවාවන් පැමිණිලිකරු විසින් ලබා ගෙන ඇත.

මෙහිදි පැමිණිලිකරු චෝදනා කර සිටින්නේ

ප්‍රථමයෙන්ම කොළඹින් ඇරඹුණු ගුවන්‍ යානය ප්‍රමාද වූ නිසා අතරමැදි ගුවන් තොටුපළවූ අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ප්‍රමාද වී පැමිණි බවත්, එතැන් සිට ගමනාන්තය වූ නයිරෝබි දක්වා යෑමට තිබූ සම්බන්ධිත ගුවන් යානය වෙත පිවිසීමට තිබුණේ ඉතා කෙටි කාලයක් බවයි.

ඉන්පසුවද, නයිරෝබි සිට නැවත පැමිණෙන ගුවන් යානය ද එලෙසම නැවතත් ප්‍රමාද වූ බවත් ඒ නිසා නැවත අතරමැදි ගුවන් තොටුපළ වන අබුඩාබි වෙත ප්‍රමාද වී පැමිණි බවත්, ඒ හේතුවෙන් සම්බන්ධිත ගුවන් යානය ලබා ගැනීමට මිනිත්තු 20ක පමණ කාලයක් පමණක් ඉතුරුව තිබූ බව පැමිණිලිකරු කියා සිටී.

ඔහු චෝදනා කර සිටින්නේ මෙම අවස්ථාවේදී එම සම්බන්ධිත යානයට ඇතුළු වීමට ඉඩ නොදී, තමන් සතුව තිබූ ගුවන් ගත වීමේ පත්‍ර (Boarding Passes) බලහත්කාරයෙන් ලබා ගෙන අලුත් Boarding Passes විත්තිකාර ගුවන් සමාගමේ සේවකයින් විසින් ලබා දුන් බවත්, ඒ අනුව ඊළඟ ගුවන් යානය තවත් පැය 18කට පසුව ගුවන් ගත වීමට නියමිත තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විත්තිකාර ගුවන් සමාගමේ සේවකයින් විසින් තම ඥාතීන් සහ මහජනතාව ඉදිරිපිට තමන් හට බැණ වැදුණු බව පැමිණිකරු කියා සිටී.

මෙම අවස්ථාවේදී ගුවන් තොටුපළේ හෝටල් කාමර පහසුකම් පැමිණිලිකරු විසින් ඉල්ලා ඇති අතර එහෙත් ඔහුගේ චෝදනාව වන්නේ තමාට හෝ තමන් සමඟ සිටි පිරිසට එම පහසුකම් ලබා නොදෙමින් එහෙත් එතැන සිටි අනෙකුත් යුරෝපීය සම්භවයක් ඇති අයට පමණක් එම හෝටල් පහසුකම් ලබා දුන් බවත්,අවශ්‍ය නම් ගුවන් තොටුපළේ විවේකාගාරයේ රැඳී සිටිය හැකි බව ප්‍රකාශ කරන ලද බවත් ය.

කෙසේ වෙතත් ඊළඟ ගුවන් යානයෙන් පැමිණිලිකරු ආපසු පැමිණ ඇති අතර එහෙත් ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළත් ගමන්මලු එම යානයෙන් ම රැගෙන එන බව පැවසුවද  එකී ගමන් මලු සතියකට පමණ පසුව පැමිණිලිකරුට ලැබී ඇති අතර ඒ වනවිට විට එම භාණ්ඩ කැඩී බිඳී ගොස් තිබූ බවද ඔහුගේ චෝදනාවයි.

පැමිණිල්ලිකරුගේ මෙන්ම විත්තියේ සාක්ෂි ද සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විශේෂයෙන්ම අධ්‍යයනය කොට ඇත්තේ මෙම නඩුවේ ප්‍රධාන නඩු නිමිති දෙකක් පවතින බවයි. එනම් පැමිණිලිකරුගේ කීර්ති නාමයට හානි කිරීම මත වන්දි සහ ඔහුගේ ගමන් ගමන්මලු වලට සිදුවූ සිදුවූ හානිය මත අලාභ අයකර ගැනීමට ඉල්ලා තිබීමයි.

මෙවැනි ගුවන්සේවා ආශ්‍රිතව ගුවන් සමාගම් වෙත ඇති වගකීම් සම්බන්ධ නීතීන් 1992 අංක 55 දරණ ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව වෝර්සෝ සම්මුතිය හරහා පාලනය වන බවට අධ්‍යයනය කර ඇති අධිකරණය එහි එන විශේෂිත වගන්ති කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

ප්‍රථමයෙන්ම වගන්ති අංක 17 කෙරෙහි අවධානය යොමු කර ඇති අධිකරණය එමගින් ශාරීරික පීඩාවන් සඳහා අලාභ අය කර ගැනීමේ හැකියාව අධ්‍යයනය කොට ඇති අතර එහෙත් හුදෙක්ම මානසික පීඩනයන් වලට පමණක් එසේ අලාභ අය කර ගැනීමට ඇති නොහැකියාවද විනිශ්චිත නඩු තීන්දු සලකා බලමින් මෙහිදී අධිකරණය  අධ්‍යනය කොට ඇත.

එමෙන්ම වගන්ති අංක 18 මගින් ගමන් මළු ආශ්‍රිත අලාභ අය කර ගැනීම සම්බන්ධයෙන් සඳහන් වන බවත්,සහ වගන්ති 19 මගින් ප්‍රමාදයන් මත පදනම්ව මගීන් හට හානි පැමිණවීමේ වගකීම කෙරෙහිද අධිකරණය සලකා බලා ඇත.

කෙසේ වෙතත් වගන්ති අංක 21 සඳහන්ව ඇත්තේ මගීන්ගේ අතපසුවීම් මත ඉහත වගකීම් වලින් ගුවන් සේවා සමාගම නිදහස් වන අයුරුය. තවද වගන්ති 22 මගින් ඉහත අලාභ අය කර ගැනීමේ සීමාවන් සඳහන්ව ඇති බවද අධිකරණය සලකා බලා ඇත.

අධිකරණය විසින් මෙහිදී විශේෂයෙන්ම වගන්ති අංක 25 කෙරෙහි තම අවධානය යොමු කර ඇත. එහි සඳහන් වන්නේ වගන්ති අංක 22යෙහි දැක්වෙන්නා වූ සීමාවන් ගුවන් සේවා සමාගම විසින් හෝ තම සේවකයින් විසින් දැනුවත්වම සිදුකරන්නාවූ ක්‍රියාවන් හෝ නොකර හැරීම් සම්බන්ධයෙන් අදාල නොවන බවයි.

ඒ අනුව තම ක්‍රියාවන් වල ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇතිවම සිදු කරන්නාවූ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් නිසා යමෙකුට හානියක් පැමිණවීම යන පදනම මෙකී වගන්තිය අංක 25 සලකා බලමින් අධිකරණය අවධානය යොමු කර ඇත.

තවද මෙහිදී අධිකරණය සම්මුතියේ වගන්ති අංක 24 වෙත අවධානය යොමු කරමින් සඳහන් කර ඇත්තේ දේශීය නීති මත පදනම්ව එන්නාවූ සිවිල් වගකීම් ගුවන් සේවා සමාගම වෙත මෙවැනි ගුවන් ආශ්‍රිත ගැටලු වැරදි අදාල කර ගත නොහැකි බවයි.

“…..වොර්සෝ සම්මුතියේ 17 වන වගන්තිය ප්‍රකාරව මා ඉහත සඳහන් කර ඇති නඩු තීන්දු අනුව සැලකීමේදී යම්කිසි ශාරීරික තුවාලයක් නොමැති අවස්ථාවකදී මානසික පීඩාවන්ට පමණක් සීමා කර වන්දි ලබා දීම සිදුකර නොමැති බව නිරික්ෂණය වේ. කෙසේ නමුත් වෝර්සෝ සම්මුතියේ 25 වන වගන්තිය සැළකීමේදී එහි මානසික පීඩාවට අදාල කරුණු ශාරීරික පීඩාවට සම්බන්ධ කර නොමැති අතර, එහිදී සළකා බලා ඇත්තේ ගුවන් ප්‍රවාහකයෙකු විසින් කරනු ලබන ක්‍රියාව සම්බන්ධයෙන් වේ. ඉහත සඳහන් Willful misconduct යටතේ තීරණය වී ඇති නඩු තීන්දු අනුව ද ඒ බව පැහැදිලි වේ. එම ක්‍රියාවේ ප්‍රතිඵලය නිසාවෙන් යම්කිසි අලාභයක් සිදු වන්නේ නම්, එයට ප්‍රවාහකයා වගකීමට යටත් කර තිබේ. ඒ අනුව සැළකීමෙදී විත්තිකරුගේ එම ක්‍රියා කලාපය නිසාවෙන් පැමිණිලිකරුට සිදු වූ කීර්ති නාමයට සහ ගෞරවයට සිදු වූ හානිය සහ ඔහු විසින් මුහුණ දීමට යෙදුණු පීඩාකාරී තත්ත්වය විත්තිකරුගේ සේවකයින් විසින් ඔවුන්ගේ දැනුමෙන් යුතුව සිදුකර ඇති බවත්, එම නිසාවෙන් සිදු වන ලද අලාභය සඳහා එකී වගන්තිය යටතේ විත්තිකරුවන් වග කීමට යටත් වන බව පැහැදිලි වේ. එම නිසාවෙන් වොර්සෝ සම්මුතිය මඟින් ගුවන්
ප්‍රවාහකයෙකු වගකීමට යටත් කරන අවස්ථාවන් සමස්ථ වශයෙන් සැලකූ විට විශේෂයෙන් සම්මුතියේ 25 වන වගන්තියේ කරුණු සැළකූ විට පැමිණිලිකරුට සිදු වී ඇති අලාභය සම්බන්ධයෙන් විත්තිකරු වගකීමට යටත් වන බවට තීරණය කරමි….”

එය අනුව මෙම නඩුවේ සියලු සාක්ෂි සහ සිද්ධිමයක් කාරණා ද අධ්‍යයනය කොටනිමින් රුපියල් මිලියන 7.5 ක මුදලක් පැමිණිලිකරු හට ගෙවීමට ගුවන් සේවා සමාගම වෙත නියම කළ අධිකරණය ගමන් මලු හා සම්බන්ධ අලාභයන් සඳහාද රුපියල් 70,000ක මුදලක් පැමිණිලිකරු වෙත ගෙවීමටද නියම කළේය.

“…..ශ්‍රී ලංකාව තුල ගුවන් ගමන් සඳහා වන නිතිමය කරුණු සැළකීමේදී ගුවන් ප්‍රවාහකයෙකු විසින් අනුගමනය කල යුතු තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ වගකීම සම්බන්ධයෙන් වන නීතිය වශයෙන් සැළකිය හැක්කේ 1992 අංක 55 දරණ ගුවන් සංකරණ (විශේෂ විධි විධාන) පනත වේ. එම පනත 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පන්තින් සංශෝධනය වී තිබේ. 1992 අංක 55 දරණ ගුවන් සංකරණ (විශේෂ විධිවිධාන) පනත සඳහා පාදක වී ඇත්තේ වර්සෝ ජාත්‍යන්තර සම්මුතිය (Warsaw convention) වේ. එකී සම්මුතියට පසුකාලීනව 1995 හේග් ප්‍රොටෝකෝලය(Hague Protocol) මගින් කරන ලද සංශෝධනයන්ද සැලකිල්ලට ගෙන ඉහත කී 1992 අංක 55 දරණ ගුවන් සංකරණ (විශේෂ විධිවිධාන) පනත සකස්කර තිබේ. වෝර්සෝ සම්මුතිය තවදුරටත් 1999 මොන්ට්‍රියල් සම්මුතිය (Montreal convention) මගින් සංශෝධනය වී ඇති අතර එය නීතියක් ලෙස මෙරට සම්මත කරගැනීම සිදු කරනු ලබන්නේ 2018 වර්ෂයේ අංක 12 දරන සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත මඟින් වේ. එම නිසා මෙම නඩුවට අදාල කාලය සම්බන්ධයෙන් අදාළ වනුයේ ඉහත කී වෝර්සෝ සම්මුතිය සහ හේග් ප්‍රොටෝ කෝලය වේ……”

“….මෙහිදී තවදුරටත් ඉහත සඳහන් කරන ලද නීතිමය තත්ත්වය සැළකීමේදී අධිකරණයේ අවධානය යොමු කළ යුතු වන්නේ, ඉහත සඳහන් සිදුවීම හේග් ප්‍රොටෝකෝලය (Hague Protocol) මඟින් සංශෝධනය වූ වෝර්සෝ සම්මුතියෙන් වන්දි ලබා ගැනීමට නඩු නිමිත්තක් ලෙස සැළකිය හැකි වේද යන්න වේ. ඉහත සඳහන් කර ඇති පරිදි වෝර්සෝ සම්මුතියේ 25 වන වගන්තිය සැළකීමේදී එයට ගුවන් ප්‍රවාහකයෙකුගේ චේතනාන්විතව කරනු ලබන ක්‍රියාවක් මෙන්ම ප්‍රතිපලය සම්බන්ධයෙන් වන දැනුමෙන් යුතුව කරන ලද ක්‍රියා සම්බන්ධයෙන්ද ඔවුන් වගකීමට යටන් කොට තිබේ. මෙම නඩුවේ චිත්තිකාර ආයතනය විසින් සිදු කර ඇති ක්‍රියා කලාපය නිසාවෙන් පැමිණිලිකරු සහ ඔහුගේ කණ්ඩායම සිදුවීමට නියමිත අපහසුතාවය සම්බන්ධයෙන් ඔවුන්ට දැනුමක් පැවති බව පැහැදිලි වන අතර, ඔවුන්ට එවැනි දැනුමක් නොපැවති බවට වන සාක්ෂි කිසිවක් අනාවරණය නොවේ. එම අපහසුතාවයන් විත්තිකරුවන් විසින් වඩාත් සැළකිල්ලට ගැනීමකින් තොරව කටයුතු කර ඇති බව ද නිරික්ණය වේ. එමෙන්ම එවන් අවස්ථාවකදී වුවද පැමිණිලිකරු වෙත සම්මත සහ ගෞරවාන්විත ලෙස සැළකීමට සහ ඔවුන්ගේ අවර්ෂයක් සොයා බලා කටයුතු කිරීමට ද විත්තිකරු අපොහොසත් වී තිබේ.

එම නිසාවෙන් වන මානසික පීඩනය සහ අපහසුතාවය පිළිබඳ ඔවුන්ට දැනුම තිබී ඇති බවද පැහැදිලි වේ. එම කරුණු සැළකීමේදී මෙම නඩුවට අදාල ක්‍රියාවලියේදී විශේෂයෙන්ම අබුඩාබි ගුවන් කොටුපලේ රාත්‍රිය ගත කිරීමට අදාල සිදුවීමේදී ශාරීරික වශයෙන් පැමිණිලිකරු යම් තෙහෙට්ටුවකට සහ අපහසුතාවයකට පත්ව ඇති බව නිරීක්ෂණය වේ. ඊට අමතරව ඔහු විසින් සඳහන් කර ඇති ආකාරයේ මානසික පීඩාවකට ඔහු ලක්ව තිබේ……

List of Cases and Sections Referred:

Warsaw Convention

Article 17 –

The carrier is liable for damage sustained in the event of the death on wounding passenger оr any other bodily injury suffered by. a passenger, if the accident which used the damage so sustained took place on board the aircraft or in the course of any of the operations of embarking or disembarking.”

Article 18(1) –

The carrier is liable for damages sustained in the event of the destruction or loss of, or of damage to, any registered baggage or any cargo, if the occurrence which caused the damage so sustained took place during the carriage by air.

Article 19 –

The carrier is liable for damage occasioned by delay in the carriage by air of passengers, baggage or cargo.

Article 22-

In the carriage of persons the liability of the carrier for each passenger is limited to the sum of two hundred and fifty thousand francs. Where, in accordance with the law of the court seized of the case, damages may be awarded in the form of periodical payments, the equivalent capital value of the said payments shall not exceed two hundred and fifty thousand francs. Nevertheless, by special contract, the carrier and the passenger may agree to a higher limit of liability.

Article 25-

The limits of liability specified in Article 22 shall not apply if it is proved that the damage resulted from an act or omission of the carrier, his servants or agents, done with intent to cause damage or recklessly and with knowledge that damage would probably result; provided that, in the case of such act or omission of a servant or agent, it is also proved that he was acting within the scope of his employment.

Cases:

01. Rosman v. Trans World Airlines34 NY 2d 385, 358 NYS 2d 97, 314 NE 2d – NY: Court of Appeals, 1974

02. Husserl v. Swiss Air Transport Company, Ltd., 388 F. Supp. 1238 (S.D.N.Y. 1975) US District Court for the Southern. District of New York 388 F. Supp. 1238 (S.D.N.Υ. 1975) February 10, 1975

03. Eastern Airlines, Inc. v. Floyd 499 US 530, 111 S. Ct. 1489, 113 L. Ed. 2d 569 – Supreme Court, 1991

04. El Al Israel Airlines, Ltd. v. Tsui Yuan Tseng525 US 155, 119 S. Ct. 662, ما 142 L. Ed. 2d 576 – Supreme Court, 1999

05. Jack v. Trans World Airlins, Inc 854 F. Supp. 654 – Dist. Court, ND California 1994

06. American Airlines v. Ulen 186 F. 2d – Court of Appeals, Dist. Of Columbia Circuit 1949

07. Pekelis v. Transcntinental & Western Air 187 F. 2d 122- Court of Appeal 1951

08. Horabin v. British overseas Airways Corporation 1952 2 loyd’s Rep. 450

09. Stott v. Thomas Cook Tour Operators 2014 UKSC 15, 2014 2 WLR 52

Join Our Community

Keep in touch with the latest news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *