ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදි අවම ව හෝ ගෙන තිබූ ක්‍රියාමාර්ගය කුමක් දැයි සොයා බැලීමට චූදිතගේ සාක්ෂිය කැඳවිය යුතුයි.
පාස්කු ප්‍රහාරය: හිටපු ආරක්ෂක ලේකම් නිදොස් කිරීමට දුන් මහාධිකරණ තීන්දුව දෝෂ සහගතයි: ශ්‍රේෂ්ඨාධිකරණය

– මහාධිකරණ තීන්දුව පදනම් කොට ඇත්තේ අධිචෝදනාවේ නොමැති වගන්තියක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව මහාධිකරණයෙන් නිදොස් කිරීමට එරෙහිව ගොනු කරන ලද අභියාචනය පිළිගනිමින්, එකී මහාධිකරණ තීන්දුව ඉවතලීමට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහිදි, මහාධිකරණ තීන්දුවේ නෛතික දෝෂ මත මෙන්ම, පැමිණිල්ලේ සාක්ෂි ද සලකා බලමින් එම තීන්දුව නැවත කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගේ සාක්ෂි කැඳවමින් නඩුව ඉදිරියට ගෙන යෑමට ද නියම කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව නීතිපති විසින් චෝදනා 855 යටතේ 2021 වසරේදී කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඳුල්ලක් ඉදිරියේදි අධි චෝදනා ගොනු කරන ලදී.
එම චෝදනා වල ප්‍රධාන පදනම වූයේ අනීතික නොකරහැරීම මඟින් මිනීමැරීමට අනුබල ලබා දීමයි. එනම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ එන වගන්ති අංක 296 (මිනීමැරීම) සමග කියවිය යුතු වගන්ති අංක 102 (අනුබල දීම) යටතේ වරදවල් සිදු කිරීමයි.
කටුවාපිටිය දේවස්ථානය, කිංග්ස්බරී හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සිඕන් දේවස්ථානය සහ දෙහිවල නිව් ට්‍රොපිකල් ඉන් යන ස්ථාන වල සිදු වූ ප්රහාරයන්ට අදාළව වෙන් වෙන්ව වූ චෝදනා යටතේ මෙසේ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධි චෝදනා ගොනු විය.
මහාධිකරණයේ දී නීතිපති විසින් ඉහත චෝදනා ඔප්පුකිරීම සඳහා සාක්ෂිකරුවන් සහ ලේඛන සාක්ෂි ඉදිරිපත් කරන ලදී.
මෙහිදි පැමිණිල්ල විසින් මෙකී ප්‍රහාරය සම්බන්ධයෙන් වූ තොරතුරු චූදිත හට ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ක්‍රියා නොකිරීම යන පදනම මත මෙම නඩුව පවත්වාගෙන යන ලදී.
කෙසේවෙතත්, මහාධිකරණය ඉදිරියේ පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් පසුව, විත්තියේ (හේමසිරි ප්‍රනාන්දු ගේ) සාක්ෂි කැඳවීමකින් තොරවම මහාධිකරණය විසින් මෙම අධිචෝදනා වලින් චූදිත නිදොස් කිරීමට තීරණය කරන ලදී.
මෙම තීන්දුවට එරෙහිව පසුව නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කළේය. එම අභියාචනය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනුණු අතර, පසුගියදා එහි තීන්දුව ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් චූදිත නිදොස් කිරීමට දුන් මහාධිකරණ තීන්දුව ඉවත් කරන ලදී.
එමෙන්ම, චූදිතගේ සාක්ෂි කැඳවා නඩු විභාගය ඉදිරියට ගෙන යෑමට ද මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙහිදී එම තීන්දුව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පහත කරුණු අධ්‍යයනය කරන ලදී.
මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අංක 200 අනුව පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසාන වීමෙන් පසුව මහාධිකරණය හට චූදිතගේ සාක්ෂි කැඳවීමකින් තොරවම චූදිත නිදොස් කිරීමට හැකියාවක් ඇති බව අධ්‍යයනය කර ඇත.
“…According to Section 200 of the CCPA there are only three instances under which the trial Judge can record a verdict of acquittal without calling for the defence from the Accused. These three instances can be identified in the Section in the following way: 4 If the Judge: A. wholly discredits the evidence on the part of the Prosecution; or, B. is of the opinion that such evidence fails to establish the commission of the offence against the Accused in the indictment: or, C. is of the opinion that such evidence fails to establish any other offence of which he might be convicted on such indictment; he shall then record a verdict of acquittal. The fourth instance in the Section is the circumstance under which the trial Judge can call upon the Accused for his defence. It is set out in the Section in the following way:5 D. If, however, the Judge considers that there are grounds for proceeding, he shall call upon the accused for his defence….” – Justice P. Padman Surasena
කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් මහාධිකරණ තීන්දුව අධ්‍යයනය කරමින් හඳුනාගෙන ඇත්තේ, මහාධිකරණය පැමිණිල්ලේ සාක්ෂි සලකා බලා ඇත්තේ අධිචෝදනාවන් වල නොමැති එනම්, චෝදනා ගොනු කිරීමේදි පදනම් කර නොගත් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 107 එන වරද සම්බන්ධයෙන් මහාධිකරණ තීන්දුව සාක්ෂි සලකා බලා ඇති බවත්, එවැනි වගන්තියක් මත පැමිණිල්ල අධිචෝදනා ගොනුකර නොමැති බවත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යයනය කොට ඇත.
එම තත්වය මත මුල් අවස්ථාවේදී ම එකී මහාධිකරණ තීන්දුව නිවැරදි නෛතික පදනමක් නොමැති තීන්දුවක් බව මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
“….the Attorney General has not charged the Accused-Respondent under Section 107 of the Penal Code. Therefore, there is absolutely no justification for addition of Section 107 to the charges in the indictment by the learned High Court Judges. It is relevant and significant to note the time at which the learned High Court Judges have adopted this interpretation. The time is after the Prosecution closed its case. Thus, obviously, it was not practically possible for the Prosecution to place evidence before Court in such a way that the Accused-Respondent could be held responsible as a principal offender in terms of Section 107 of the Penal Code. In my view, this conclusion reached by the learned High Court Judges is grossly erroneous and unwarranted in light of the facts and circumstances of this case. Such a conclusion is untenable….” – Justice P. Padman Surasena
පැමිණිල්ල මඟින් මෙහෙයවා ඇති සාක්ෂි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, චූදිත විසින් පාස්කු ප්‍රහාරයට පසුව ලබා දුන් මාධ්‍ය සාකච්ඡා ව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇත. එහිදි, ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යයනය කොට ඇත්තේ චූදිත තමන් හට ප්‍රහරයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු බවට සඳහන් කර ඇති බවයි.
තවද, 2019 වසරේ අප්‍රේල් මස 08 වන දින, 18 වන දින, 20වන දින සහ 21 වන දින වල ලැබුණු පැමිණිල්ල විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති තොරතුරු වල අඩංගු කාරණා ද සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එකී තමන් වෙත ලැබුණු තොරතුරු අනුව අවමව හෝ ගත් ක්‍රියා මාර්ග කුමක් දැයි දැන ගැනීමට චූදිතගේ සාක්ෂි කැඳවිය යුතුව තිබූ බවට අධ්‍යයනය කොට ඇත.
එමෙන්ම, අපරාධ වරදක චේතනාව ඔප්පු කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දණ්ඩ නීති සංග්‍රහයේ මිනීමැරීම යන වරද සංස්ථාපනය වන්නාවු වගන්ති අංක 294 හී හතරවන අංගය කෙරෙහිද අවධානය යොමු කොට ඇත.
“අන්තරාය කොපමණ ආසන්න ද කිවහොත් සෑම අතින්ම මරණය සිදුවිය හැකි බව හෝ මරණය සිදුවිය හැකි ශාරිරික පාඩුව විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටිමින්ම මරණය සිදුකිරීමේ හෝ ඉහත කී ලෙස පාඩුවක් සිදු කිරීමේ අවදානමට මුහුණපෑමට සමාව දිය හැකි හේතුවක් නොමැතිව ම, එකී ක්‍රියාව කිරීම.”
ඒ අනුව මෙකී වගන්තියේ හතරවන අංගය අනුව පැමිණිල්ල හට හුදෙක්ම ඔප්පුකිරීමට ඇත්තේ චූදිතගේ දැනුවත් භාවය බවත්, කෙසේවෙතත් එකී වරදේ අංගයන් සංතෘප්ත වීමට නම් චූදිත හට සමාව දීමට තරම් හේතුවක් තිබුණේද යන්න සලකා බැලීමට චූදිතගේ පැහැදිලි කිරීම වැදගත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යයනය කොට ඇත.
“…I must also mention here that under the fourth limb of Section 294 of the Penal Code, the offence of Murder is constituted, if the person committing the act knows that it is so imminently dangerous that it must in all probability cause death, or such bodily injury as is likely to cause death, and commits such act without any excuse for incurring the risk of causing death or such injury as aforesaid. In light of the facts and circumstances of this case, the phrase “without any excuse” mentioned in the fourth limb of Section 294 of the Penal Code assumes a greater importance. Who has to provide the excuse in such circumstances? If there is no apparent excuse, all that the Prosecution can prove is just that. It would then be the accused who must take steps to place the excuse if he has one. If there is none, according to the fourth limb of Section 294 of the Penal Code, any act falling under the description therein, may constitute the offence of Murder. Thus, having regard to all the facts and circumstances of the instant case, I am of the view that the High Court-at-bar, should have considered about the proof of the intention; degree of such intention; whether knowledge on the part of the Accused-Respondent would amount to the required intention, at the end of the case, i.e., after calling for the defence from the Accused-Respondent…..” – Justice P. Padman Surasena
Case No: SC (TAB) 02/2023 [Decided on 05.11.2024]
Before : P. PADMAN SURASENA, J. YASANTHA KODAGODA PC, J. KUMUDINI K. WICKREMASINGHE, J. MAHINDA SAMAYAWARDHENA, J. & ARJUNA OBEYESEKERE, J.