ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ළග තිබී ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට

සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රැදවුම් නියෝග මත රඳවා තබා වැඩිදුර විමර්ශන කිරිමට පියවර

භාග්‍යා සිල්වා ( Member of the Editorial Staff of “The Court Reporter”)

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙදී ගනේමුල්ල සංජීව යන තැනැත්තා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඊයේ(19) දින අත්අඩංගුවට ගත් මහරගම ලිපිනයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන සැකකරු සහ ඔහුට පළා යාමට සහය වූ වෑන් රථයේ රියදුරු වූ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන යන සැකකරුවන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ පැය 72ක වැඩිදුර කාලයක් වරාය පොලිස් ස්ථානයේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමට අදාළ රැදවුම් නියෝග ලබාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙදි කරුණු ඉදිරිපත් කරන ලදි.

වැඩිදුරු විමර්ශන කිරීමට පැය 24ක කාලය ප්‍රමාණවත් නොවන බැවින් සැකකරුවන් සම්බන්ධයෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ වගන්ති 02 (01)(අ),(ඇ),(ඊ),(උ) සහ එකී පනතේ (7),1 වගන්තිය යටතේ සැකකරු 2025.02.19 වන දින පස්වරු 16.30 සිට පැය 72 දෙකක කාලයක් වරාය පොලිස් ස්ථානයේ රඳවාගෙන විමර්ශන සිදුකිරීම සඳහා රැදවුම් නියෝගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමාගේ අත්සනින් යුතුව බැහැර අංක D/CCD 1598/2025 යටතේ ලබා ගන්නා ලද අතර එකී රැඳවුම් නියෝගයට අනුව විමර්ශන සිදු කරන බවටත්, සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට එම කාලයද ප්‍රමාණවත් නොවුවහොත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නැවත දින 90ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙදි කරුණු ඉදිරිපත් කළේය.

තවද, වැඩිදුර පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ ගමන් මල්ලේ විදේශ රටක නිෂ්පාදිත කොළපැහැති ජීව අත්බෝම්බයක්ද හමුවී ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙදි ප්‍රකාශ කර සිටියේය.

2025.02.19 වන දින මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වූ ගනේ මුල්ල සංජීව යන තැනැත්තා අලුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු සඳහා ඉදිරිපත් කිරීමට බූස්ස බන්ධනාගාරයෙ සිට අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රැගෙන විත් තිබූ අතර, ඒ අවස්ථාවේදී ඉහත අධිකරණ ශාලාවේ විත්තිකූඩුව තුල ඉහත සැකකරු සිටියදී නීතිඥවරයකුගේ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර එම ගිවි අවිය අපරාධ ස්ථානයේ දමා අධිකරණයෙන් පිටව පලා ගොස් ඇත.තවද ගිනි අවිය අධිකරණ භූමිය තුළට සඟවාගෙන පැමිණ විත් ඇත්තේ ගිනි අවියේ ප්‍රමාණයට ඇතුළට පිටු කපා කුහරයක් සේ සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය පොතක් අධිකරණ භූමියේ තිබී හමුවී ඇත.

අපරාදය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත එම බලකායේ අණ දෙන නිලධාරීතුමා විසින් ලබා දුන් තොරතුරක් අනුව, පාලවිය ප්‍රදේශය හදිසි මාර්ග බාධකයක් යොදා ඉහත අපරාධයේදී වෙඩික්කරු වශයෙන් කටයුතු කරන ලද මහරගම ලිපිනයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන සැකකරු ඊයේ දින පස්වරු 16.30 පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරේ කඳවරු භාර නිලධාරී පුෂ්ප කුමාර මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙදි කරුණු ඉදිරිපත් කළේය.

සැකකරු ගමන් කරමින් සිටි වෑන් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරන ලද මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන යන සැකකරු ඉහත අපරාධයේ වෙඩික්කරු හට අපරාධයෙන් පසු වෑන් රථයෙන් පළා යාමට අවශ්‍ය කටයුතු සිදුකර මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඉහත ස්ථානයේදීම වෑන් රථය සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පළමු සැකකරුගේ අපරාදය සිදු කරන අවස්ථාවේදී ඇඳ සිටි නීතිඥ ඇඳුම් කොටස් අඩංගු බෑගය කොච්චිකඩය රිදීවැල්ල මාර්ගයේ දී පොලිස් භාරයට ගෙන ඇති බවට ද අධිකරණයෙදි කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කළේය.

වෙඩික්කරු:

නම : සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි 

ලිපිනය : අංක 202/01/A, දඹහෙන පාර, මහරගම

ජා.හැ අංකය : 973572555V 

උපන්දිනය : 1997.12.22

රැකියාව : ත්‍රිරෝද රථ රියදුරු

Join Our Community

Keep in touch with the latest news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *